අමතක වෙන්නෙ නෑ
කීවත් ඔබ මට අමතක කරන්න මා කියා
අමතක වෙන්නේ නෑ
ඔබ එය දන්නේ නෑ...

ආදරයක් මුල පුරන්න
කිමද හමුවුනේ අප කිමද හමුවුනේ
හමුවී යළි විරහතාපය
දැවෙනු මට දැනේ සිත දැවෙනු මට දැනේ...

සාගරයක දිය බිඳක් වී ඇත
ඔබට මගේ සෙනේ අද ඔබට මගේ සෙනේ
හඬනා පෙම් හදක් පමණද
ඔබෙන් හිමිවුනේ මට ඔබෙන් හිමිවුනේ...

<T.M.Jayarathna>

අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳපානේ මඳ අඳුරේ

හඳපානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ

හිරකර හස‍රැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ

හඳපානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ

<Victor Rathnayaka>


සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැගුනේ..
සිතේ දුක හිරු නිවා දැම්මේ
නැතුවද ඔබ දන්නේ..
ගිනි හිරු පායා
සොමි සඳ බැසලා
මගෙ ලොව
එළිය වෙලා

ඔබ තරු වට කර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදා වැළපෙන මා හට
ඔබගෙන් කිමද පලේ

සඳ දෙස බල බල මා පැතු පැතුමන්
මෙතකැයි කියන්න බෑ
හිරු මා දැවුවත් මා ලද උණුසුම
අමතක කරන්න බෑ


<Rookantha Gunathilaka>

ළඟ නැති බව හැ‍ඟෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදා හෝ
ඔබ මගෙමයි හැ‍ඟෙනවා
ආදරෙ තව ‍රැ‍ඳෙනවා
ඔබ ඒවිදෝ කවදා හෝ

හුදකලාව මේ සිත හඬවනවා
සැමදා ජීවිතයේ තනි වේදැයි සිතෙනවා
ඔබගෙන් ලද උණුසුම මට දැනෙනවා
තනිකම මාගේ ඉගිලී යනවා

නෙතු පියාන මා ඔබේ රුව මවනවා
හීනෙන් ඇවිත් මා දෑස සිඹිනවා
ඔබගේ සුසුම් මට තව දැනෙනවා
ඔබ දන්නෙ නැහැ ආදරෙ ගලනවා

<BNS>

මා සනසා
මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා
හදේ ලැගුම් අයදියි...

විතක් මධු පෙරා ගෙනල්ලා
සුරන් රවටලා
ඇසක් ඉඟි මරා ‍රැඟුම් පා
මුවට යා කලා
හැඟුම් තෙරපිලාදෝ
හසුන් මුස වෙලා
සිහින ලොවක පාවේ
සඳුන් සිහිල යාවි...

‍රැයක් නිදිමරා සරාගී
ලවන් වෙහෙසිලා
යලිත් එනතුරා සුරන් ගී
හිඳිමි මඟ බලා
හෙටත් සඳ උදා වී
‍රැයක් පැමිණිලා
සිහින ලොවට යාවි
සුරඹ මා සොයාවි...

<Mervin Perera>

තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
‍රැගෙන යන්න සොඳුරියේ ඔබේ
සුවඳ මා ළගින්..

සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ

මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්බර වූ
සැනසුම කොහි වේදෝ...

<Victor Rathnayaka>

තව දිනක්  ගෙවුනා
පෑල දිග අහසේ
හුදකලාවී ඔහේ පාවෙන
වළාවක් බඳු ජීවිතේ
තව දිනක් ගෙවුනා
ඔබෙන් තොර
අයාලේ යන ජීවිතේ
තව දිනක් ගෙවුනා...

පෙරත් ජාතියෙහි
පතාගෙන ආ හැටිද අපි දෙන්නා
දෛවයෝගය මේනම්
යළිත් හමුවන වරම් අහිමිව
හිතේ කෙඳිරිලි ලොවට සඟවා
තවත් දවසක් කල්ප කාලය
ගෙවමු තනි තනියෙන් තනිවම..

සරත් සමයෙදි වැටී කොළ
සුළං වැද පා වෙන්නේ
සොබා දහමත් ඒ නම්
වසන්තය යළි ඒද නේවිද
සානු කම්පා මන්ද මාරුත
හිතේ ගින්දර නිවා සනසා
අප දිහා හෙට හෝ බලාවිද

<Malani Bulathsinghala, Janaka Wickramasinghe>


මේ නගරය 
මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය 
මා ඔබ වෙන් කෙරුණු නගරයයි

වැවු ඉවුරෙ දිය රළ 
පෙර සේම බි‍ඳෙනවා
නුග ගස් පෙල 
අප නැතුවත් තව දළුලනවා
සරසවි බිම කඳු ‍රැල්ලෙන් 
එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් 
මෙහි යන්න හිතෙනවා

ඔබ අතගෙන ගිය වීදියේ 
ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක
එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් 
යලි සිහි වෙනවා
ජීවිතයම හීනයකැයි
කියා සිතෙනවා...

<Mervin Perera>



මුතු කුඩ ඉහලන
මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට
වැහි ලිහිණී
එබී බලා
රිය කවුළු දොරින්
යටගිය දවසේ
දැස ගියා ඉගිලී...

අඳුරු ලලා
සෙන්කඩගල වැස්සේ
දිය දහරා
පාටයි දේදුන්නේ
තෙමි තෙමි
ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා  දෙමංතලේ ...

රිය ඇතුලේ
උණුසුම ඔබට දි දී
නහවයි මා
රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ
අදත් එදා සිහිවීඅපේ සබඳකම් නැහැ රියසක දන්නේ...


<Rohana Weerasinghe>

වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬූ දා කඳුළයි දකින්නේ
සිනාවේ සරදම්

ඉවුරු දෑලේ හිඳ බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චන්ඩයි

හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්...

<Sunil Edirisinghe>

යොවුන් වසන්තයේ
දුහුල් වළාකුලේ
‍රෑන් මුදාගෙන පාවීයනු මැන ඉගිල්ලිලා...

දිලිසෙන කඳුලේ
කිරණින් නැහැවී
සිඟිති ආදර
දූපතක තනි වී
ගංඟාවක් සේ
ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී..

හස‍රැලි ගවසා
තුරු මුදුනේ
කල්පනා ‍තෝතැන්නේ
තරු අහුරක් සේ
‍රෑ ඇවිලෙනු මැන අහස් ගඟේ
දියඹ දිගේ...



<Nanda Malini>


ලියූ කවි පද
දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුනු
එකම කවියක්
තවම ලියනව මං...
නුඹෙ සුවඳ ‍රැඳි
පපුව ගැඹුරේ
කියාගන්නට
බැරිව සිරවුනු
එකම එක දිග පුංචි පැතුමක්
තවම පතනව මං...

උනුසුම් ‍රැඳි
පළල් උරයක
වෙළී සැතපී
නිදන යුගයක
ඔබේ සුසුමක් සමඟ මිදී
යන්න තිබුනානම්
මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
කඳුළු නැහැ එහෙනම්....

සඳවතක ‍රැඳි
සඳළුතලයක
තරු කැටක් වී වැ‍ටුනු දවසක
ලතෙක් සෙනෙහස නුඹේ සිත ළඟ
‍රැඳී නොතිබුනිනම්
මගේ දරදඬු පිරිමි හිත යට
කඳුළු නැහැ එහෙනම්..

<Krishantha Erandaka & Manjula>

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
සෙවූ කාලය සිහිනයක්

මගේ දුක දැක
ඔබේ දෙනයන
උපන් කඳුළින් සේදිලා
ඔබෙ වත නොව
ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා..

එදා ළඟ සිට
දු‍ටුව ඔබ නොව
මෙදා දුර සිට
මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකේ
සදා කෙලෙසද
පෙම් බඳින්නේ...

<Sunil Edirisinghe>

සමුගන්න මොහොතකට
පෙර එකවතාවක්
හිනැහෙන්න පෙරදා වගේ
මුමුණන්න වදනක්
පෙර සේම ලං වී
මියැ ඇදෙන මතකය වගේ..

තුරු සෙවනේ මල් අතරේ
වැලපෙන කතාවක්
මද සුලගේ පාවී ගියේ
සුසුමකට ලංවෙන්න
කඳුලක රිදුම් දෙන්න
ඇයි ආදරෙන් හමුවුනේ...

අවසන්ව යන මතක
හද වේදනාවෙන්ම
සතපන්න ළය මත මගේ
දිවි මං තලාවේ
මා පරදාවාලන්න
ඔබ කිමද මට පෙම් කලේ...




<Bandula Wijeweera>

වළා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්...

තරංගයක් ලෙසින් නදී
බිඳී නොයන් සිතින්
වසන්තයක් ලෙසින් උදාව
එන්න ජීවිතෙන්..

සිහිල් සහන් සුසුම් සරින්
පවන් රොදක් ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න
පෙම් උයන් දොරින්

<T.M.Jayarathna>


විකසිත පෙම්
පොකුරු පියුම්..
ඔබේ පයට පොඩි වී
ගියාදෙන්
පතිකුලයට අද
මට පි‍ටුපා යන
මගේ සොඳුරු ළඳුනේ...

හිතේ කඳුළු බිඳු
රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ
ඉකිබිඳිනා සඳ
ආදර සැමරුම්
ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි
නොගෙනේවා...

තනිකම රජයන
පාලු විමානේ
ගොම්මන් කළුවර
හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ
පැතුම් විජිතයේ
මැණික් පහන් වැට
දැල්වේවා...



<Amaradewa>


සිත සැනසුම දෙන්න සදා
තනිකම නොදැනෙන්න කියා
මහඹබු මට මැවුව එයා
හමුවන තුරු ඉන්නෙ බලා..
ඔබ ඉන්නෙ කොහෙද කියා
මම සොයනව ලෝකේ පුරා..
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා...

ලස්සන ලෝකයේ
මට හිමි ආදරේ
සොයමි ජීවිතේ
පාලු මකා..
මල් මල් මාවතේ
ආදර රන් ළඳේ
ඔබ ලැබෙනා තුරා
මා ඉන්නම්...

දුර ඈතද ඉන්නේ ඔයා
මේ ලඟමද ඉන්නෙ බලා
මා ගයනා ගීය අසා
ඔබ එයිදෝ මාව සොයා
ඔබ ඉන්නේ කොහෙද කියා
මම සොයනව ලෝකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා...


<Dushan Jayathilake>

ලස්සන පරණ සින්දුවක Remake එකක් අහන්න හම්බ උනා.., අද වෙනකොට කොච්චර අලුත් ගායකයෝ ඉන්නවද, කොච්චර අලුත් සින්දු තියෙනවද, තාක්ෂණය කොච්චර දියුණු වෙලාද, ඒත් අපි අදටත් trip එකක් යනකොට, කොල්ලො ටිකක් set උනාම කියන සින්දු ටික අතර මේ සින්දුවත් අනිවාර්යෙන් කියනවනෙ. තව මේ වගෙ ගොඩක් සින්දු තියෙනව කිසිම ආයසයක් නැතුව වචන ටික මතක් වෙන අපේ ජීවිත එක්කම හැමදාම තියෙන..,


කාත් කවුරුවත්
නැති බව දැන දැන
මාත් මගේ හිතත්
රාත්‍රියක තියලා
නුඹත් ගියානම්
හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා...

සාංකාව ඇහැරෙන
ඝන අඳුරේ
ආත්මයම මගේ
රාත්‍රියම වැන්නේ
ඈත් වෙන්නනම්
ඇයි තුරුලෙම උන්නේ...

වේදනාව ඇවිලෙන
ගිණි කතරේ
දෑස් ඇරන් හිඳ
තවත් පලක් නැත්තේ
ඒත් කියන්නම්
හමුවෙමු මතු භවයේ...


<Amarasiri Peiris>


රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි
පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ
රෑ යාමේ...

පුංචි පැටික්කන්
මග දිග අඬවන
සිල්ලර රස කැවිලි..
දුව යන ඉගිලෙන
විසිතුරු සෙල්ලම් යානා
පෙනි පෙනී...
අහක බලාගෙන
මග දිග යනවිට
නැහ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී
මා හඬවාපන්
මේ රෑ යාමේ..

ඉඳහිට මොලවන
ලිපත් දනී පුත
ලුණු රස සුනු සහලේ...
රස බොජුනක් සේ
දිව ගා ඇල්මෙන්
අකුරට දිව යන්නේ...
ඇඳලා කල්ගිය රෙදි වැරළී
නැහැ මට වාවන්නේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන්
මේ රෑ යාමේ...


<Malani Bulathsinghala>

ඔබට මා
ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යනතුරු නොදනිම්...


වළාවකින් ඔබ
වැසී ගියා බොල් අහසේ
සිනා පහන් වැට
නිවී ගියා සැඩ සුළඟේ...

ඉරත් මැරී
පුන් සඳත් මැරී
ලොව අඳුරේ
කෙසේද ඉන්නේ
පාළු පැලේ
නිදි පැදුරේ....

<Malani Bulathsinghala>

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන
පුංචි සාවියේ
මන්ද කියාපන්
නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාලුයි
ලැයින් කාමරේ
කොහෙද නුඹ ගියේ කියපන්
පුංචි සාවියේ

ලාබ රත්තරන්
දිලිසෙන පාලු වීදියේ
ගෑනු ළමයි පියාඹලා
ඉස්සරත් ගියේ..
උන්ට සෙයිලමෙ
මගතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක
රත්තරන් දුවේ..

මාල බැඳන් සුදු යකඩින්
රොස මල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ
සින්දු කිවු වෙලේ
හීනෙනුත් හිතුනෙ නැහැ මට
මොකද කාරනේ
පාර මතකනම් තාමත්
ගේ ළඟයි දුවේ...

<Sunil Edirisinghe>


රෝස තොල් සිඹිමි
තොල් මත කඳුලු බිඳු ‍රැ‍ඳෙයි
ඔබ ආදරේ කියා දුන්නෙත්
ඒ වගේ තමයි
මේ ‍රැයයි සඳයි
හරියට ඒ නුඹයි මමයි
හීනයක් වගෙ මගෙ හිත
පාරවයි රිදෙයි..

පිච්ච මල් පිපී යහනේ
සුවඳ මා දවයි
එකව කී කතා
දෙසවන දෝංකාර දෙයි
ඔබ උන්න තැන හදේ
තාමත් හරිම උණුසුමයි
ඉවසන්න බැරි තවම
ඔබගේ වෙන්ව යාමමයි...

අඳුර ඉකි ගසයි
සුසුමින් තරු නිවා දමයි
සොඳුර නුඹ ලගින් නැතුවත්
හිතට උණුසුමයි
කඳුළු නැගී ඉඳහිට
නෙතට අත වනයි
සිනාසෙමි නමුත්
මේ උණු කඳුළු මගෙ නොවෙයි...

<Karunarathna Diwulgane>

පින්සර ඔබ හැර
පිළිබඳ සිතිවිලි වෙනතක
දළුලාදෝ...
ඔබ ගැන මා ගැන
මතකය අමතක කරන්න
පුලුවන්දෝ...

සිහිනෙන ගෑ මුදු
සුවඳක් වාගේ මිහිරි අතීතය
හැඟුනේ...
ඔබට මේ තරම්
මා පෙම් කල බව
වෙන් වන තුරු නැහැ දැනුනේ..

ජලේ මාලුවන් කොපමණ හිටියත්
කොහොමද නාඩා ඉන්නේ
ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි
මේ හැටි හිත පෑරෙන්නේ..



<Karunarathna Diwulgane>


ඔබ මා හමු වේ නම්
එකම කථාවක්
එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්...

අතීතයට
පිය මනිනු බැරී
ඒ පෙම් දැහැනේ
නටඹුන්ද නැතී
පිණි කඳුළක් සේ
මැකී ගිහින්..
සිතේ පිරි ගිය
එකම කතාවක්
යළිත් කියන්නට....
ඔබ මා
හමුවේ නම්....


සිනා පිරිනු නෙතු
දකිනු බැරි
මා ඔබ හමු වූ
මාවත වෙන් වී
මහ පවුරක් සේ
නැගී ඇවිත්
මුවේ පිපේනම්
එකම සිනාවක්
යලිත් දකින්නට
ඔබ මා හමුවේ නම්


<Jagath Wickramasinghe>


අතීතයට
පිය මනිනු බැරී
ඒ පෙම් දැහැනේ
නටඹුන්ද නැතී
පිණි කඳුළක් සේ
මැකී ගිහින්..
සිතේ පිරි ගිය
එකම කතාවක්
යළිත් කියන්නට....
ඔබ මා
හමුවේ නම්....


අතීතයේ සුන්දරව තිබූ යලිත් පිය නැගිය නොහැකි නටඹුන්වු ආදරය...., මේ සින්දුව අහන හැම මොහොතකම මගේ හිත ගිහින් නතර වෙන්නෙ එකම තැනක. මැරෙන්න යන මොහොතක උනත් අහන්න කැමති සින්දු 2න් එකක් මේක.. අනිත් එක තමා සදාදරණීය සින්දුව "උන්මාද සිතුවම්".



පියඹා යනවා මා ආකාශයේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ, කොවුලෝ
මිදුනා මා ආදරෙන්...

පෙම් බැන්ඳ දා ඉඳන් උපන් හදේ
ඇති වේදනා ඉතින් රිදුම් නොදේ
ජීවිතේ පුරා පවන් සැලේ
මල් මල් යොවුන් වියේ...

‍රැ නින්ද යා නොදී හිතේ උපන්
නෑ පෙම්වතී කියා රුවක් ඉතින්
පෙම් යදම් සිඳී බිඳී ගිහින්
මල් මල් යොවුන් වියෙ ජීවිතේ....

<Clarence Wijewardene>

බොහොම දුක හිතෙන කථාවක් හිත හදාගන්න පුලුවන් විදියට මේ සින්දුවෙන් කියනව කියල මට හිතෙන්නෙ. කොච්චර ප්‍රශ්න තිබුනත් අපි හැමොටම ආදරය සුන්දරයි..
ඔයාලගේ අදහසුත් කියන්න..


ඔබ ගියත් යන්න වෙන්නේ
ඔබ අයත් මටයි චලනී
කුළුඳුලේ රහස් කීවේ මටමයි
නොඉඳුලේ තිලිණ දුන්නෙත් මටමයි...

මට හිතාගන්න බැහැ
ඔබෙ හද රඟන ‍රැඟුම්
නොමයන් හිතුවක්කාර ගමන්
කිම, සිත අවුලේ හද තැවුලේ
කුලඟන සිරිත බිඳේ...

මට වළක්වන්න බැහැ
ඔය යන ගමන් බිමන්
නොමයන් ඔය පවුකාර ගමන්
හිස් අතිනි ප්‍රියේ ඔබ යන්නේ
කුලඟන සිරිත බිඳේ...

<Kithsiri Jayasekara>


ආලෙන් වෙලා ගන්න
කෝළම් කලා
හිත ආලෙන් මුදා ගන්න
මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ
සායම් කලා
ඔබ සායම් මකා ගන්න
වෑයම් කලා

මම දෑසින් කලා ඔබට
පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට
චෝදනා...
මම මෑතින් ඉඳන් වින්ඳා
ඉන් වේදනා
ඇයි ඔයා බැලුවෙ
ඇස් දිහා මගේ නාඩනා..

පෙම් වසන්තේ ඇවිත් නැද්ද
තාමත් ඔහේ
පාලුයි වගෙ නැද්ද
තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහොම
කාලයක් මෙහේ
අපේ ආදරේ
භාවනවක් වගේ...


<Athula & Samitha>

අතුල&සමිතා ගොඩක් කාලෙකට පස්සෙ කිවුව ලස්සන සින්දුවක්.


සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟට වැටෙන...

වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැළයට වසින...

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන..

<Gunadasa Kapuge>


මේ විදියට හිතෙන, හිතන්න පුලුවන් මිනිස්සු ඉන්නවනම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද.., පුදුම ලස්සන සින්දුවක්, කපුගේ වගේ මනුස්සකම පිරිච්ච මනුස්සයෙක් කියන හින්දම මේ සින්දුව හදවතටම වදිනව.


දිය වෙන්නට පෙර
හෙට උදයේ හිම
ජීවිතේ
බැලලයිකාවද වයමින්
තුටින් යමු මාවතේ
ඉවාන් පවුලූෂා
ඇයි හො‍රැහින්
මදෙස බලන්නේ
නැ‍ටුමට ඇවිදින් නැතිදෝ
මහද වෙලන්නේ...

නැ‍ටුමෙන් බිම අස්වද්දා
එක රූබලයක් නෙලලා
ඒ සතුටට ගී ගයලා
තව සොඳුරු සිහින ගොතලා
බැලලයිකාව වගේ මා තුරුලු කරන්
ඔය සුරතට
මෂොර්ගා නැ‍ටුමට
අද පමණක් එන්න පවුලූෂා.....

හිනාවෙවී අපි නැ‍ටුවට
පොළවට වෙහෙස දැනෙනවාද
කඳුළැලි දහඩිය ගැලුවට
මහ කළුගල් දිය වෙනවාද
එනමුදු ඔබගේ එක බැල්මට කාගේ
හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ
යස උරහිස දෙනවාද...
ඉවාන් පවුලූෂා...


< Apsara De Silva >

අපි මුලින්ම Music Vedios කියලා බලපු ඒවයින් ලස්සනම එකක් තමා මේක, කියන්නෙ අප්සරා ද සිල්වා. වැඩි විස්තරයක්නම් දන්නේ සින්දුව ගැන, හැබයි අමුතුම විදියේ පුදුම ලස්සනක් තියෙනවා වචන වල වගෙම Vedio එකෙත්.



අම්මා කෙනෙක්
බිරිඳක් වෙලා
ලොව කාට හෝ
නුඹ උරුමැති
සතුටින්ද ඔබ
පෙරටත් වඩා
මගේ ඉපැරණි
පෙම්වතී....

මමද සැමියෙකි
ඇයට අවනත
දෙදරුවන් ලඟ
නිවන සරතැස
කාලයේ වැළිතලාවේ
සබඳකම් සැඟවුනාවේ...

අතරමග
සුනුවිසුනු පැතුමක
මතක මිහිරියි
තාම හිත යට
පරවුනත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ...

<Karunarathna Diwulgane>


ඇසට අසුවන මායිමේ
ඹබර සැණකෙලි මල් විලේ
ළසෝලැවු ගිනි ඇවිලුනා නෙත
ඔබ මගෙන් වෙන්වූ දිනේ..

සියපතක් මත විසුල පිණිකැට
සැඩ සුළං වැද සර සරින් හෙට
මගෙන් රිදවුම් දෙවුනු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට

සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමනයුරු දැක
ඔබේ ලවනත සැදුනු මීවිත
මත් කලා මතකයි මගේ සිත...


<Karunarathna Diwulgane>



පාලු අඳුරු නිල්
අහස මමයි
ඈත දිලෙන
තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට
හදවත් ඉල්ලන
බලාපොරොත්තුව, පැතුම ඇයයි...

අසාරවූ මහ පොළව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට
හදවත් නලවන
සදාකාලිකවු
සැපත ඇයයි...

කැළැව මැද ක‍ටු පඳුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන් යුගයට
හදවත් පුරවන
අඳුරු වේදනා කැටිය
ඇයයි...

<Amaradewa>



තුමුල නමුණුකුල ගිරිහිස
උදුල සඳ මඬළ දු‍ටු නෙත ‍
රැව‍ටුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුන රතු වෙලා දෙනෙතින්
කඳුළු පනින තුරු එළියට
ඔහොම හිනා වෙනකොට නුඹ
ලස්සනයි උමා...

නුඹෙ වත මඬළ සඟවා
මුවාවෙන ලෙසින් අතුරන
සීත පිණි නිසා තිලකය
පාළු වෙයි උමා
සීත මීදුමේ තිරපට
වළලු ලූ අතින් ඉවතට
ඈත් කර හොරෙන් හිමිහිට
බලාපන් උමා...

කන්ද උඩ රනින් දිදුලන
කන්ද කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා
හිතනවද උමා
අප වටා නැගෙන උවදුරු
ඈත් වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ පමණක්
ඉතිරිවේද උමා...


<Saman Jinadasa>

කාලයක් දවසට 10 -12 වතාවක් අහපු සින්දුවක්, දැන්නම් ඇහෙන්නෙම නැති තරම්.

පියමැන්නේ..
ඇයිද එසේ
රිදවාලා මසිත මෙසේ
දුර ගවුවේ මා ඉන්නේ
මතකේ ‍රැඳුනා
ඒ සිතුවිල්ලේ
සෙවනැලි මාවතේ
ඇඳි ඒ ජීවිතේ
‍රැළි මත සාගරේ
මතු වේවා සදා ඒ සිහිනේ

සියුමැලි ඔබේ වත
‍රැඳි ඒ දෙකොපුල කී කථා
ඇසේ සවන් පුරවා
මගෙ දැහැනේ
අත්වැල් බැඳගෙන
වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගිය ‍රැල්ලෙන්
නිසල ‍රැයේ

සිත ගත්තේ නැතුව නොවේ
සැමදා එලෙස බලා
ඇයි ඉන්නේ...
හද අරණේ ‍රැඳුනු සෙනේ
පුබුදා සොයනු මැනේ
හස‍රැල්ලේ
නැතුවත් මේ බවේ
මතු එන ජීවිතේ
සැමදා ඒ සෙනේ
සතු වේවා සදා ළඳුනේ


<Jaya Sri>



හිත මනමාලකම් කරයි
සිතිවිලි සීතලෙන් ගැහෙයි
අඳුරේ නුහුර සැරි සරයි

ගී කිරිල්ලියේ...
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි

ලේ කැටි සීතලෙන් මිදෙයි
තනිකම් දොසින් ආතුරයි
රෑ යම රෝෂයෙන් පිරෙයි

ගී කිරිල්ලියේ...
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි

වැළපෙන මුහුද හරි සැරයි
සුළඟට හාදු අමතකයි
නිදි නැති හීන ඇස හරියි

ගී කිරිල්ලියේ...
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි


<Samantha Perera>


මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි

තරු නැගෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ

සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොලක් සේ පාවී
වසන්තයක් වී ආවේ



<Sanath Nandasiri>


අපි ආයෙ දවසක
හමුවෙමුද මේ අද වාගේ
දැන් ඉර ගිලෙයි මුහුදේ
කළුවර පිපෙයි දෙපසේ
වෙන් වෙමු ඉතින්
හමු වන සිතින්
අපි ආයෙ දවසක
මේ අද වගේ....

අදින් පසු ඔබ
ඔබට හිමි මග
ඉතින් මා මට
උරුම තනි මග..
ආයෙමත් හමු වන තුරා
දෙතැන ඉමු අපි
මග බලා...

තුටින් හමුවුන
සුහද බව අප
අරන් යමු අපි
මතක මැඳුරට...
ආයෙමත් හමු වන තුරා
එකම තැනකදි
ජීවිතේ...


<Dayan Withaarana>

ආයෙමත් හමුවෙන්න පතාගෙන වෙන්වෙලා යන පෙම්වතුන් වෙනුවෙන් ලියැවෙච්ච ලස්සන සින්දුවක්..අහම්බෙන් හම්බ උනේ...,


ඔබ ආයෙමත් ඇවිදින්.
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්...

උන්නු දා පෙර
අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති
දවස් තිබුනද කොයි තරම්..
නුඹ නොදැක හිටි
දිගු කාලයේ හිත
හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්...

දෑස අග මල් පිපී සැලුනත්
කොයි තරම්..
එක මලක්වත් සුවඳ නැති විය
ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුනා
විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්....


<Amarasiri Peiris>

දඬුවැටට කොට ඇද්ද
අලි ඇත්තු නසනා
පෙරහැරට දළ දිගට
ඇති ඇත්තු සොයනා
සිල් රෙද්දෙ ලේ ගෑවුනෙ
කොහොම සොයනා
අවි ගත්තු පින්වත්තු
දාගැබට විදලා...

උතුරින්ද දකුණින්ද
නුඹ ආවෙ කියනා
කොයිබින්ද නෙක පැහැති
ලේ දැක්කෙ නුඹලා
කෝවිලට ගිනි බින්ද
වෙඩි උන්ඩ නසලා
නිල් අහස පරවින්ට
ඉඩ හරිමු සොයලා

දහදියම දෑවැද්ද
කොට ගත්ත නුඹලා
බැත කන්ද දිය වෙද්දි
මියැදෙන්න හැරලා
නිදිවැද්ද රජ ඔ‍ටුනු
වැජබෙන්න හරිනා
දෙවියන්ට පින් දෙන්න
පුලුවන්ද වැඳලා...


<Iraj>

ඉරාජ්ගේ පළවෙනි Album එකේ තියෙන සින්දුවක් මේක, කියන්නෙ කවුද කියලනම් හරියටම දන්නේ නැහැ, ලියල තියෙන්නෙනම් වසන්ත දුක්ගන්නාරාළ.


කවුළු පියන්පත් වහන්න
සඳළුතලාවේ..
ඔබ දුරයි නෙතට
මා සිටිනා
ලවැලිතලාවේ...

විලක දුරක මල් පිපුනේ
අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත්
බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ
ඹබරුන් කෝමැයි
සඳළුතලාවට පැල්පත
දුරනම් බෝමැයි..

කිරිසිනා සලන සඳවත
අහසෙම ‍රැඳුනාවේ
ඉඟිමරන තරු කැළුම්
අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ
සඳළුතලාවේ..
කවුළුපියන් වසනු මැනවි
නෙතුකැන් හමුවේ....

<Kasun Kalhara>


අපේ පරම්පාරාවෙ හැමොම වගෙ කැමති උනාට මේ සින්දුවට මේකෙ ගායකයනම් එච්චරම කැමති නැහැ කියල තමා TV එකෙ ගිය වැඩසටහනකදි කිවුවෙ.. :)

අහන් ඉන්න
අහගෙන ඉන්න
මගේ හිත
මොනවද
මුමුණනවා...

යාය පුරා
නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක
සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම
රටා මවනවා..

සිලිසිලියේ හමන සුළඟ
කොඳුරන්නේ අපටමයි
සතුට මිසක
දුක මොකටද
සෙනෙහස මහ මෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි..
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි..


<Mekala Gamage>

මේ සින්දුව පිටිපස්සේ තියෙන කතන්දරය හැමෝම දන්නවනෙ, මම මුලින්ම ඇහුවෙනම් මේකෙ ඉන්ද්‍රචාප කියන Rock version එක. පස්සේ හොයාගෙන යනකොට තමා දැනගත්තේ එකම වැඩසටහනකට කරපු version 2ක් කියල. කොහොමහරි මටනම් මේ සින්දු 2කම ලස්සනයි...



අඳුර වැ‍ටුනු වීදියේ
වැහි කඳුළු ඉහිරිලා
පහන් කණුව නුඹ කොහේදැයි
සොයමි තනිවෙලා

එදා සඳක් සේ බැබළි
මාවත පෙන්වූ
අඳුර කපාගෙන යන්නට
එළි වැල් දැල්වූ
අනෝරාවෙ මහ වැස්සේ
තනිමග තනිවූ
ඔබටත් මා නොපෙනේ අද
තනියම තනිවූ...

එළිය දි දී
කවුරුත් නැති වීදිය පාලු
එළිය නිවුන දා
ඔබටත් ඔබ නොපෙනේලූ
වළාකුලට එක්වුනු දිය
බිම වැ‍ටුනාලූ
එක්වී වෙන්වී ගියවුන්
නොවෙතිද යාලු...

<Milton Mallawarachchi>


මේ සින්දුව ලියල තියෙන්න ප්‍රේමකීර්ති ද අල්විස්, කියන්නෙ මිල්ටන් මල්ලවාරච්චි, අද වෙනකොට අපේ රේඩියෝ වලින් මේ සින්දු ඇහෙන්නෙම නැහැ. හැබයි පුදුම තරම් ලස්සන තේරුමක් තියෙන සින්දු. තනියම ඉන්න වෙලාවට හොඳ mood සින්දු ටිකක් අහන්න හිතුනාම මම අනිවාර්යෙන් අහන සින්දුවක්...

ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
සිත ඔබව සොයනව දවසෙම...

මේ ජීවන හිමගිරි අරණේ
මට හමුවූ වනපස කුසුමේ
පෙති මත සතපා
‍රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලනියේ

මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳවී පිපුනේ
ඔබේ ‍රැසින් මා දවාලන්න රෑ
ළය මත සනහා රාජිනියේ...

<Victor Rathnayaka>

සමහරවිට මේ සින්දුවෙන් කියවෙන්නේ බොළඳ ප්‍රේමයක පටන් ගැනීම වෙන්න පුලුවන්, ඒ උනාට මම පෞද්ගලිකව මේ අත්දැකීම විඳල තියෙනව, ඒක මගේ ප්‍රථම ප්‍රේමය මේ සින්දුව තමා ඒ ප්‍රථම ප්‍රේමයේ තේමා ගීතය.., ගොඩක් කාලේකට පස්සේ මේ සින්දුව ඇහුවෙ, තවමත් හිතට සමීපයි එදා වාගෙම....

ඇරඹුමම කඳුලක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...

දුක්‌බරව කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා...
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා...
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා...



<Kasun Kalhara>



මේ සින්දුව ගැන දිලීප අබේසේකර, ඒ කියන්නෙ මේකෙ පද රචකය අපූරු පැහැදිලි කිරීමක් කරල තිබුනා දිවයින පත්තරේ කුරු‍ටු ගැ ගී පොත කියන ලිපියට,  මම හිතන්නේ මෙතනට ඒක දැමීම වරදක් නොවේවි කියල, මොකද ඒ ලිපිය කියවන්නෙ නැතිව මේ සින්දුව අහල වැඩක් නැහැ.

මෙතන ඉදන් තියෙන්නේ ඒ article එක


දුක හාදු දෙන ‍රැයේ
සිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී
හද ගිලන් වෙලා..

ගහ කොළද මල් පිපේ
ඇළදොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ
ඒ රුවට ‍රැව‍ටුනේ..

නන්නාඳුනන ලෙසේ
මගතොට යලිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා...



<Gunadasa Kapuge>

අවුරුදු ගානක් ආදරේ කරල ජීවිතේ සුන්දරම කාලේ ඒ ආදරයටම කැප කරල අන්තිමේ වෙන වෙලා යන එක තරම අවාසනාවන්ත අත්දැකීමක් තවත් නැහැ. අන්තිමට ඉතුරු වෙන්න සුන්දර මතක ටිකක් එක්ක විරහ වේදනාවක් විතරයි. එක පාර මා මරන්න කියන්නෙ නැතුව නන්නාඳුන ලෙස හරි මගතොට යලි හමු වෙන්න ප්‍රාර්ථනා කරන මේ වගේ ආදරයක් කොයි තරම් සුන්දරද....

ඔබ දු‍ටු ඒ මුල් දිනේ
සිදු වූ සැම දේ
තවමත් මගේ මතකයෙහි ‍රැඳේ
නෙත් යුග මා දෙස යොමා
මගෙ මියුලැසියේ
කුමක් කියන්නටද
සැරසුනේ...

කාගේ කවුරුද කොතැනක
සිටිනවද ඔයා
කෙලෙසෙද මා එය දැනගන්නේ
කවදා කොයිබදි යලි හමු වේවිදැයි කියා
පැණයකි මා සිත
පාරන්නේ..

කැටිකොට ගුවනට මුසු කර
මගේ රස හැඟුම්
ඔබ වෙත ගීයකින්
එවන්නම්..
මතු දිනයක මගෙ දෙනතට
ඔබ හමුවේනම්

එදින නැවත මා
හිනැහෙන්නම්...

<Sunil Perera>


සුනිල් පෙරේරා කියල තියෙන හොඳම සහ එකම සින්දුව මේක කියලයි මට හිතෙන්නෙ, ගොඩක් දෙනක් සුනිල් පෙරේරට සහ ජිප්සීස් band එකට බනිනව, හැබැයි ඒ සේරම අමතක කරල ඇස් දෙක පියාගෙන මේ සින්දුව ඇහුවොත් තේරෙයි මේක කොච්චර ලස්සනද කියල,ඒ වගේම ආදරය කරල තියෙන හැම කෙනෙක්ම මේ වගේ අත්දැකීමක් විඳල ඇති කියල මට හිතෙන්නේ..


අවසන් භවයද සොඳුරිය මේ අප
අප හට හිමි නොවෙනා
මෙවන් දුකක් කිසිදා නොම වේවා
සසරේ සැරිසරනා...

නයිල් නදිය වුව කෙළවර වේවී
සමුදුර දු‍ටු සැනිනේ
කඳුළු ගඟට කෙළවරක් තියෝදෝ
ඔබ නැති මේ ගමනේ

දැක ගන්නවටවත් ලැබේද ඔබ යළි
නෙතු පියවෙන්න කලින්
සොහොන් කොතත් මගෙ
කඳුළු සලාවි
සොඳුරිය නමින් ඔබේ...


<Amarasiri Peiris>





මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට දුක හිතෙනා වෙලාවයි
මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට කවි හිතෙනා වෙලාවයි...

විෂ මතක පොවා හී පහර එවා
නුඹ ගෙනෙන්නෙ නිරතුරු රිදවුම්
සර පහර වැදි හද සිදුරු වෙවී
මේ ගලන්නේ වැගිරී කවිකම්...

ගැල් බරට ගෙනා දුක් කඳුළු දරා
යම් දිනයක වනමුත් මිහිදන්
දෙව් ලොවට පවා මතු සුවඳ ගෙනා
මල් පරසතු වන් මේ රිදවුම්...


<Amarasiri Peiris>



.


වහින්නට හැකිනම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්...

‍රැ‍ඳෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොලඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුඩින් තුඩ
නෙලාගත හැකි වන මලක් වී...

නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබැ වන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී...


<Nanda Malini>



ආරාධනා....
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය
සතුට ‍රැගෙන
යලි වඩින්න
ආරාධනා.... ආරාධනා....

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ
කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථවු දා
සෙනේහයේ සත් පියුමන්
යළිඳු පිපේවා
ආරාධනා.... ආරාධනා....


එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උනුසුමේ
යළිඳු උපන්නෙම්
බිඳුනු එවන් රජදහනෙන් සමුගෙන යන දා
ඔබේ නුවන් පහනින්
යලි එළිය ලැබේවා..
ආරාධනා.... ආරාධනා....


<Amaradewa>


රාත්‍රිය සිර ගෙයක්
අන්ධකාරය රුදුරු දඬුවමක්
ප්‍රේමයේ වරද කල
පරාජිත පෙම්වතුනි
නුඹලාට රාත්‍රිය සිරගෙයක්
අන්ධකාරය රුදුරු දඬුවමක්...

නින්ද විඳි කෙනෙක්නම් නුඹ
දැකිය යුතුම වේ සිහිනයක්.....
ආදරය කලානම්
පහන් කල යුතුය....
නිදි නැති රැයක්

හදවතක් තිබුනිනම්
තිබිය යුතු වේ
ඔබට ප්‍රේමයක්
ප්‍රේමයක් තිබුනු තැන
සැඟව ඇතී
සදාතන ශෝකයක්...
රාත්‍රිය සිර ගෙයක්
අන්ධකාරය රුදුරු දඬුවමක්...


<Amarasiri Peiris>

 


ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා....

හීනෙන් හිනැහී
තුන්යම මා රවටා...
මැදියම් මහ රෑ
අදටත් හිත ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී
කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...

රිදුමක් වාගේ
කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක්
නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන
උණු කඳුළුම වගුරුවනා....
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...


<Amarasiri Peiris>



සොඳුරිය..
කාලය කොතරම් නපුරුද..
දිවිහිමියෙන් කඳුළැලි පුරවාගෙන
‍රැකගත් ආලය
උදුරාගෙන ගිය
කාලය කොතරම් නපුරුද
සොඳුරිය...

පෙරුම් පුරා දුක සේ ගලපාගත්
කවිය ඔබම වී නැලවුන යුගයක
හද‍රැඳි ඔබ රුව
සිහිනෙකවත් නැත
ඒ රුව කොතරම්
මිහිරිද සොඳුරිය...

ලොවට හොරා විලිලා බිහිකරගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදා හදාගත්
දුකවත් අද නැත
ඒ දුක කොතරම්
මිහිරිද සොඳුරිය...


<Amarasiri Peiris>

 


මේ තරම් සියුමැලිද කළුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා...

කලා වැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා...

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
තවම තනිකඩයැයි කියා...


<Sunil Edirisinghe>



නෙතට උළෙලක්
විය එදා ඔබ
කඳුලු බිඳුවක්වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක්වුනිද
මන්දා..

ඔබෙන් තොරවූ
ලෝකයක් ගැන
හිතන්නටවත්
නොහැකි හින්දා
ඔබේ හිත වෙන අතක රන්දා
එපා දුක
ගෙන එන්න කැන්දා...

ඔබේ රුව රසඳුනක්වූවට
කමක් නැහැ
මට තවත් ඇසකට
නමුදු ඒ රුව
තවත් කෙනෙකුට
අයිතිවනු බැහැ
දරාගන්නට....

<Karunarathna Diwulgane>



මට හීනයක් වගේ
ඒ ඔබගෙ ආදරේ
ඔබ දන්නවාද
ඔබට මගේ
තියෙන ආදරේ...

හමුවන්න ආයෙනම්
හැකිවන්නෙ නෑ ඉතින්
අපි දෙන්නා උන්නෙ
අපි දෙන්නට හරිම
ආදරෙන්...

අපි අපෙන් වෙන්වෙලා
නෙත කඳුලු සල සලා
ඒ නෙතඟ කඳුලු
සතුට විඳිමු
දිනෙක එක්වෙලා...


<Shirly Wijyantha>


කඳු පාමුල සිට
දැහනට සමවැද
මා ගයනා ගී
ඔබට ඇසෙනවද..
කඳු මුදුනේ සිට
දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු
ලියේ....

මිටියාවත් කඳූ සිකර සිසාරා
සඳ බැස යනතුරු
අවර වනපෙතේ
ඔබ කියු රහසින්
මා සැලුනේ නැත
ඔබ අන්සතු බව
මම දැන සිටියෙමි...

ඇළ දොළ ගංඟා සයුර සිසාරා
ඉර නැඟ එනවිට
පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන්
මා සැලුනේ නැත
ඔබ අන්සතු බව
මම දැන සිටියෙමි...

<Athma Liyanage>


ප්‍රේමයේ
මංතලාවේ....
පාසටහන් අප දෙදෙනාගේ
බොහෝ දුර ඇදුන බව
ඔබට මතකද තවම...
තවම....

පා සටහන් බෝ ගැඹුරුයි
ආදරේ...
පොලොවටත් දැනෙන්න ඇති
දුෂ්කරම කාලයෙත්
එක ලඟම ඇවිද ගිය...
පා සටහන් අප දෙදෙනාගේ
ඔබට මතකද තවම...
තවම....

නිදහසේ ඇවිද යන හැඟීමෙන්
පාර වරදින්න ඇති
සමුගෙන මේ නිහඬ
ගමන් මග අතරමග උමතු වී
සැරි සැරු
පා සටහන් අප දෙදෙනාගේ
ඔබට මතකද තවම...
තවම....


<Kasun Kalhara>



සීතල සඳ එළියේ
පීදුන සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ
බඹරො නුඹ නාඩන්..

සඳළුතලාවේ මුණින්තලා වී
ඈත බලාගෙන කඳුලු සලන්නේ
පරසතු මල් මකරන්ද සුවඳ මැද
බඹරො නුඹ නාඩන්..

සදාහරිත වන රේඛා මැද්දේ
මළානිකව ගලනා සඳ එළියේ
‍රැ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක
බඹරො නුඹ නාඩන්..

<Gunadasa Kapuge>


නවාතැන්පොල
ඔබයි
ඔබගේ සිනහවයි..
ජීවිතේ දිගු
වන්දනා ගමනේ...

ආලයේ වන බිඟුන් බමනා
ස්නේහයේ ජල තරඟ බි‍ඳෙනා
නිල්ල දිලෙනා නිම්නයේ
ගරා නොවැටෙන
නවාතැන නුඹ...

දයාවේ සඳ සිසිල ලබනා
සාමයේ මඳ පවන රඳනා
හිම මිදෙන මිටියාවතේ
සදා උණුසුම් නවාතැන නුඹ...

<Nanda Malini>


දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ...
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ

අත් වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද...
පුංචි ළදැරියක් වගේ හුරතලෙන්
ඔබ හිනැහුණු ඒ කාලය මතකද

අනාගතය ගැන අහස් මාළිගා
අප දෙදෙනා මැවු කාලය මතකද
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලගින් උන් කාලය මතකද..


<Dayarathna Ranathunga>


ඔබ පෙම් කරනා
ඔබේ කුමාරී
ඔබට ආදරෙ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරෙ කියා තිබේ
ඔබ පෙම් කරනා
ඔබේ කුමාරී
මටද ආදරෙ කියා තිබේ

සාගර වෙරළේ සොඳුරු සැඳැවක
රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී හිඳ
මටද ආදරෙ කියා තිබේ..
ඔබ පෙම් කරනා
ඔබේ කුමාරී
මටද ආදරෙ කියා තිබේ


සක්මන් මලුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළු වී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරෙ කියා තිබේ..
ඔබ පෙම් කරනා
ඔබේ කුමාරී
මටද ආදරෙ කියා තිබේ


<Gunadasa Kapuge>



ඔබත් තනි වෙලා
මා තනි වෙලා
මීවිත පිරිලා
ගී හඬ මැකිලා
පාලු අඳුරු ලොව
මා... තනි වෙලා
තනි වෙලා

එදා ලඟ සිටි රූ ළඳුන්
දෙතොල් රස පිරු මත් බඳුන්
නොමැත මගෙ තනි රකින්නට අද
පාලුවේ මා තනි වෙලා..
ඔබ වගේමයි තාරුකාවේ
මාත් අද මෙහි තනි වෙලා..

සැබැ නොමවූ සිහිනෙකින්
අන්ධ වී ගිය මගෙ නුවන්
නැවත විවරව සොයයි රසඳුන
පාලුවේ මා තනි වෙලා..
ඔබ වගේමයි තාරුකාවේ
මාත් අද මෙහි තනි වෙලා..




<Gunadasa Kapuge>


ඔබට යන්නම ඕනෑනම් ඔබ යන්න ඉතින් නික්මී
මේ කාමරයේ පුරා ‍රැඳුනු සුවඳත් අරගෙන
ඒ සුවඳ ඇවිත් මගෙ හිත පාරයි
ඒ සුවඳ ඇවිත් මගෙ හිත පාරයි

පුරහඳ දියවෙනවා සේ කළුවරටත් නොකියා
ඔබ යන්න කලා සොළොසම සපුරා
හෙට මළගම දා දියවක වී
හිදින්න සුදු ඇඳලා

තරුවක් බැස යනවා සේ පා සලකුනු නොතියා
ඔබ යන්න පාලු අහසින් බැසලා
හෙට මළහිරුගේ ඉහ ඉද්දර
ඉන්න ඇවිත් පායා..


<Gunadasa Kapuge>


අභිසාරිකාවන්ගේ
උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි පල ගැනුනේ..

රාග ගිනි ජාලාවේ
ප්‍රේමයේ, උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි පල ගැනුනේ..

ආදරය යන වදනේ
මනුලොවේ, මිනිසත් භවයේ
මහිම ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි පල ගැනුනේ..



<Gunadasa Kapuge>



ලෙලි තලන
නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝනි
සෙනසුරුට පෙම් බඳින දෝනි

නෙළු රන් කෙඳි අතුල යහනේ
ප්‍රේමයේ ඇටසැකිලි සැතපේ
මනමාලකම් කරන නිවට දුප්පත් කුමරු
බින්න බැහලා වගේ ගෙපැලේ...

ලෙලි දමන පල් වතුර පොකුණේ
රන් පියුම නැතිද තව පිපුනේ
තලාපන් දෝනියේ ගිනිමරන කුරිරුකම්
සෙනසුරා හැර දුවයි අපලේ....



<Gunadasa Kapuge>


කඩමණ්ඩියේ
දොළ අයිනේ
නුඹව පෙනී
නැවතී බලනවා
මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත්
ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට
බැරුව වැසී

ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම ඔබ මට හිමි නැති හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා...

සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි

<Nanda Malini>


හන්තාන කඳු වැටිය
එදා වගෙයි අදත්
මහවැලිය පුරුදු සේ
ගලා යාවි හෙටත්
සරසවියෙ තුරු වදුලු
මිලින වී නෑ තවත්
ඒත් අද කුමරියේ..
ඔබ කොහිද..මා කොහිද...

එදා අප පෙම් වදන් දෙඩූ ලිය මඬුලු යට
පෙම්වතුන් පෙම් වදන් දොඩනවා
අප සමඟ නිදා සිටි
අවන්හල දෙසුම් හල
පුරුදු සේ බලාගෙන සිටිනවා

මේ බිමේ සැඟව ඇති
සිවුවසක අතීතය
යලි යලිත් මතකයට නැගෙනවා
මහත් වෙහෙසක් දරා
සඟවන්න තැත් කලත්
නෙතු අගට කඳුළු බිඳු නැගෙනවා...



<Amarasiri Peiris>


අඳුරේ
මැදියමේ
නිදිවරා වැපිරූ
සිහිනේ
කඳුලූ
අතුරා
පුළිඟු
සැඟවූ සිහිනේ
මොහොතක්
ගැවසෙන්න
අහම්බෙන්වත්
හමු වී යමුද
වචනයක්
කියනවද
තව එක දවසක්
ගෙවා ගන්න

සිහින අතර ගිය ජීවිතේ
මරණ ආගාධයේ තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා..
සිහින සොහොන ලඟ ජීවිතේ
නොමළ සිත සමඟ තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා
මොහොතක්  ගැවසෙන්න
අහම්බෙන්වත් හමු වී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න

සොඳුරූ ලෝකාන්ත මුදුනතේ
මතක භෂ්මයන් හද දරා
හිඳිමි මම
ඔබද එය දන්නවා...
නොයෙනා රිදුමක බර දරා
අහිමී හුස්මකට ළය අයා
හිඳිමි මම
ඔබද එය දන්නවා
මොහොතක්  ගැවසෙන්න
අහම්බෙන්වත් හමු වී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න


<Kasun Kalhara>

කවුරුත් එන්නැති
කවුරුත් දන්නැති
මල් පෙති ඉහිරුනු මල් පාරේ
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු
අපි ආයේ..

සඳකැන් බොඳවුනු වළා කැදැල්ලෙ
තරුකැට අහුරක සිනහා මෝදු කර
කඳුලින් ඉපැදුනු ඉන්ද්‍රචාපයේ
උදා නොවන සිහිනයක් දකින්නට
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු
අපි ආයේ..

සියොලඟ මිහිදුම් සළු අතුරාලා
මන්දාකිනියේ ඔබ හිනැහෙද්දී
උදා ලහිරු සේ මිහිදුම සඟවා
නොකී රහස් දෙණයනට කියන්නට
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු
අපි ආයේ..

<Gunadasa Kapuge>

ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය පසු....
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ......

රැය පුරා ඉකි ගසා රතට හැරි දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරවා
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්....

තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
දිවිතුරා විඳවමි අහිමි කරන් මගේ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්....


හිතුවෙවත් නැති දවසක
හිතන් නැතිවම ළං උනා
අතීතේ දුර ඈතක
ආදරේ මග වැරදුනා..

අපි අපිම
අද ආයෙම
හමු උනා
ඒ පාරෙම.
අපි හමු උනා ඒ පාරෙම..

මල් යාය මැලවුනා
මල් දෙවැට හැඩිවුනා
සමනල්ලු ඉහ හැරූනු අත ගියා...
අපි ආයේ නොයෙනා නිසා....

නිල් අහස කළුවුනා
ඉකි ගගහා වැලපුනා
කඳුලින්ම පිරුනු වැව
බොරවුනා..
අපි නිතර ආව ගිය තැන නිසා...


සඳුද අවදියෙන්
තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ලඟ නැති තව
දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ...

සීතල ඇතිරුනි
මිහිලිය ලය මත
කොඳ කෙමි පිපුරුනි
මධු පුරවා
උණුසුම දිසුනේ
නෑ නෙත මානෙක
ඔබ ලඟ නැතිවම
අද මා තනිවම..

පහන් නොදැල්වෙන
ඔබෙ පැල්පත තුල
නිදිමත
අඩ නෙතුපිය සනහා
මගේම කඳුලක් වී
පිණිබිඳු ලෙස
ඔබෙ කවුළුව ලඟ
පිපි මල් පෙති මත..


අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ..
එදා සෙනෙහෙන් නොබැඳුනානම්
මෙදා වියොවක් නෑ..

තැනූ මන්දිර බිඳී වැටුනත්
නෙතේ කඳුලක් නෑ..
හිනහ වෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ..

සොබහ දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ..
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ..


එපා හිරු පායන්න
අදින් පසු මගේ ලොවට
අදයි අවසන් දවස
ඇගෙන් මා..
මගෙන් ඈ සමුගන්න..

සැඳැ තරු නොනිමෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුඟදුර සතර
අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොල මිදී..
මිදී නැවතී ඉන්න..


ලිය මඬුලු තුරු සිරස
එපා මල් පලඳින්න
වසන්තය නිමා විය
කොවුලනේ ගොළුවන්න
සොබාදම් නෑසියනි සැලී...
සැලී කම්පා වන්න...

උන්මාද සිතුවම්
මැවේ බිඳේ
මීදුම් වලා මැද
අතීතයේ...
බිඳුනු පෙමින්
ගිනිගත් හදවත්
තනි වේවි
එක්ටැම් ගේ...
අනන්ත සයුරේ
බියකරු දිවි දියඹේ
පාලු හුදකලා
සුලඟ පමනි උරුමේ
හඬා වැටෙන සිත
සදා සරණ මත
තනි වේවි එක්ටැම් ගේ...
දහසක් මල් මැද
එකම මලයි පැතුවේ
ඒමල කිමද
සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට
මලේ සුවඳ පොද
තනි වේවි
එක්ටැම් ගේ...

මේ සඳ වුනත්..
පායා ඇවිත්
ඉස්සර වගෙ එලිය දුන්නා වුනත්...
මේ හුලඟ මත්
ආයෙත් ඇවිත්
නුබ ඉද්දි දුන් සිසිල දුන්නා වුනත්...

පෙර හැමදේම නුබ නැතුව ලැබුනා වුනත්....
මේ හෙට රෑට නුබ නැතුව තැවෙනා දෙනෙත්...
හෙට එන රෑට
නුබ නැතුව කෙලෙසක මම පවසම් දෝ.....
මේ ගෙවෙන්නෙ අවසන් රෑයම වේ......
ආයේ නම් රෑය අවසන් වේ......


ආයේ හිරු නෑ
හෙට හුළඟත් නෑ
නුඹ ආවත් මේ රැය නෑ..

ආයේ නුඹ නෑ..
දුක් කඳුලුත් නෑ..
රැය ආවත් මම නෑ..

මේ ගෙවෙන්නේ...
අවසන් රැයම වේ...
ආයේ නම් රැය
අවසන් වේ...


පුරුද්දක්ද 
සසරේ හුරු වූ
පරද්දන්න 
බැරි සේ දිනපූ
අනන්ත වූ 
ප්‍රේමයකින් බැඳුනේ
හරස් වෙන්න හැදුවත් කවුරූ
වරද්දන්න හැදුවත් කවුරූ
වෙනස් නොවූ පවුරයි 
නුඹ ලඳුනේ...

අඳුර පිරුනම
දෑස වැසුනම
තනිය දැනුන නිසා
කඳුලු පිරිනම
හිතේ හැම තැන 
ඔබෙන් පිරුන නිසා

අඳුරේ 
දුක සේ
රහසේ 
ගෙතුනූ
නොලියූ
කවියේ
මතු වූ
ලඳුනේ

සිහින පෙනුනම 
සැපයි හැමදා 
සැබෑ කරන නිසා
සුසුම් හෙලුවම
හිතේ හැම කොන
ඔබෙන් පිරුනු නිසා

සිහිනේ ඇසුනූ
රහසේ දැකපූ
නො‍රැඟූ
‍රැඟුමේ
හැඟුමයි
ලඳුනේ...



<Yashan, Bathiya & Santhush>


පාළුව දෙවනත් කරලා
නාඬන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උලලේනෝ...

සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ …

ඉහිරුණ කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උලලේනෝ…

සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගියදා
මේ හැම දුක් නැතිවන්නේ
උලලේනෝ…




<Gunadasa Kapuge>

මන්දාරම් අදුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියා නම් 

තනිවම වත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලගින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා 

මග යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිදුවක රස
බලන්න තිබුනා

<Krishantha Erandaka>


මිනිසුන් නැති හිස් තැනක් සොයා
තනි වී ඉන්නට සිත කීවා
පාලුව තනිකම ‍රැදෙන තුරා
තනි වී ඉන්නට සිත කීවා

ගහකොළ මැලවුන හදවත් වියලුන
වැලපෙන මිනිසුන් හමුවූවා
තද හිරු එළියෙන් නිලංකාර වුන
දෑස් තෙමන්නට දිය සෙවූවා

සැනසුන පහනේ එළිය බලන්නට
නැවතත් මා ආපිට ආවා
තෙල් මදි හින්දා පහන නිවුන බව
පෙර මඟ ‍රැඳි සලකුනු කීවා


<Gunadasa Kapuge>