ළඟ නැති බව හැඟෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදා හෝ
ඔබ මගෙමයි හැඟෙනවා
ආදරෙ තව රැඳෙනවා
ඔබ ඒවිදෝ කවදා හෝ
හුදකලාව මේ සිත හඬවනවා
සැමදා ජීවිතයේ තනි වේදැයි සිතෙනවා
ඔබගෙන් ලද උණුසුම මට දැනෙනවා
තනිකම මාගේ ඉගිලී යනවා
නෙතු පියාන මා ඔබේ රුව මවනවා
හීනෙන් ඇවිත් මා දෑස සිඹිනවා
ඔබගේ සුසුම් මට තව දැනෙනවා
ඔබ දන්නෙ නැහැ ආදරෙ ගලනවා
<BNS>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago


