සොඳුරිය..
කාලය කොතරම් නපුරුද..
දිවිහිමියෙන් කඳුළැලි පුරවාගෙන
‍රැකගත් ආලය
උදුරාගෙන ගිය
කාලය කොතරම් නපුරුද
සොඳුරිය...

පෙරුම් පුරා දුක සේ ගලපාගත්
කවිය ඔබම වී නැලවුන යුගයක
හද‍රැඳි ඔබ රුව
සිහිනෙකවත් නැත
ඒ රුව කොතරම්
මිහිරිද සොඳුරිය...

ලොවට හොරා විලිලා බිහිකරගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදා හදාගත්
දුකවත් අද නැත
ඒ දුක කොතරම්
මිහිරිද සොඳුරිය...


<Amarasiri Peiris>

 

Leave a Reply