මා සනසා
මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා
හදේ ලැගුම් අයදියි...
විතක් මධු පෙරා ගෙනල්ලා
සුරන් රවටලා
ඇසක් ඉඟි මරා රැඟුම් පා
මුවට යා කලා
හැඟුම් තෙරපිලාදෝ
හසුන් මුස වෙලා
සිහින ලොවක පාවේ
සඳුන් සිහිල යාවි...
රැයක් නිදිමරා සරාගී
ලවන් වෙහෙසිලා
යලිත් එනතුරා සුරන් ගී
හිඳිමි මඟ බලා
හෙටත් සඳ උදා වී
රැයක් පැමිණිලා
සිහින ලොවට යාවි
සුරඹ මා සොයාවි...
<Mervin Perera>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



ලස්සන සිංදුව මෙන්න මේ තැන්වල තේරුම් දන්නෑ..
සුරන් රවටලා - සුර අසුර වගේ එකක් ද?
හසුන් මුස වෙලා - මේක මොකක්ද?
යලිත් එනතුරා සුරන් ගී - සුරංගී නමක්ද?
සුරඹ මා සොයාවි - මේ කව්ද?
මේ සින්දුව මං ආසම සින්දුවක්. මර්වින් පෙරේරා මහත්තයගෙ හැම සින්දුවටම වගේ මං ආසයි. ලස්සන කටහඬ.
අප්පටසිරි...තේරුමනම් අහන්න එපා...,සමහරවිට වචන වැරදි ඇති,මොකද ඇහෙන විදියට Type කලේ