පියඹා යනවා මා ආකාශයේ
අවසානයි ප්රේමාදරේ
ගිරවෝ, කොවුලෝ
මිදුනා මා ආදරෙන්...
පෙම් බැන්ඳ දා ඉඳන් උපන් හදේ
ඇති වේදනා ඉතින් රිදුම් නොදේ
ජීවිතේ පුරා පවන් සැලේ
මල් මල් යොවුන් වියේ...
රැ නින්ද යා නොදී හිතේ උපන්
නෑ පෙම්වතී කියා රුවක් ඉතින්
පෙම් යදම් සිඳී බිඳී ගිහින්
මල් මල් යොවුන් වියෙ ජීවිතේ....
<Clarence Wijewardene>
බොහොම දුක හිතෙන කථාවක් හිත හදාගන්න පුලුවන් විදියට මේ සින්දුවෙන් කියනව කියල මට හිතෙන්නෙ. කොච්චර ප්රශ්න තිබුනත් අපි හැමොටම ආදරය සුන්දරයි..
ඔයාලගේ අදහසුත් කියන්න..
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



Man yanawa Hiruni oyage lokayen !!!!
මේ සින්දුව ගැන ඔයා කියපු දේමයි මටත් දැනුනෙ. මට මේ සින්දුව අහනකොට මැවිල පේන්නෙ මෙහෙම කියල ගිහින් කාටවත් නොපෙනෙන්න හොර රහසෙ හඬා වැටෙන කෙනෙක්ව.
තමන් ජීවිතේ වැටිලා නැහැ කියල පේන්න මහ හයියෙන් මෙහෙම කෑ ගහල කිවුවට මේ වචන වල කොච්චර වේදනාවක්ද තියෙන්නෙ...