දිය වෙන්නට පෙර
හෙට උදයේ හිම
ජීවිතේ
බැලලයිකාවද වයමින්
තුටින් යමු මාවතේ
ඉවාන් පවුලූෂා
ඇයි හො‍රැහින්
මදෙස බලන්නේ
නැ‍ටුමට ඇවිදින් නැතිදෝ
මහද වෙලන්නේ...

නැ‍ටුමෙන් බිම අස්වද්දා
එක රූබලයක් නෙලලා
ඒ සතුටට ගී ගයලා
තව සොඳුරු සිහින ගොතලා
බැලලයිකාව වගේ මා තුරුලු කරන්
ඔය සුරතට
මෂොර්ගා නැ‍ටුමට
අද පමණක් එන්න පවුලූෂා.....

හිනාවෙවී අපි නැ‍ටුවට
පොළවට වෙහෙස දැනෙනවාද
කඳුළැලි දහඩිය ගැලුවට
මහ කළුගල් දිය වෙනවාද
එනමුදු ඔබගේ එක බැල්මට කාගේ
හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ
යස උරහිස දෙනවාද...
ඉවාන් පවුලූෂා...


< Apsara De Silva >

අපි මුලින්ම Music Vedios කියලා බලපු ඒවයින් ලස්සනම එකක් තමා මේක, කියන්නෙ අප්සරා ද සිල්වා. වැඩි විස්තරයක්නම් දන්නේ සින්දුව ගැන, හැබයි අමුතුම විදියේ පුදුම ලස්සනක් තියෙනවා වචන වල වගෙම Vedio එකෙත්.





9 Responses so far.

  1. Ru_Sirini says:

    මම මේ සින්දුවට ගොඩක් ආසයි..මේක ඉස්සෙල්ලම ගියෙ යාත්‍රා වැඩසටහනෙ කොළඹ විවි කරපු ගීතයක්. ස්තුතිය් බෙදාගත්තට..

  2. ලස්සන සින්දුවක්. මේක මම ඉස්සර වෑන් එකේ ස්කෝලෙ යන කාල උදේට රේඩියෝ එකේ දානවා. පද රවනය හරියටම දැක්කෙ අද. ස්තූතියි.

  3. Anonymous says:

    මේ ගීතය විශේෂ ගීතයක්.
    එය 1996 දී කොළඹ සරසවියෙන් බිහිවූ ගීතයක්.
    පද රචනය කලේ එකල කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨයේ සිසුවකු වූ චාරුක සුරවීරයි.
    ගායනා කලේ නීති පීඨයේ සිසුවියක වූ අප්සරා සිල්වායි.
    සංගීතය නිර්මාණය කලේ වැඩිය ප්‍රසිද්දියට කැමති නැති දක්ෂ සංගීතවේදියෙක්. එයත් කොළඹ සරසවියට සම්බන්ධයි.
    ඔහු ප්‍රියන්ත ඩිරෙක්ස්. මේ වීඩියෝව පටිගත කලේ නුවර එළියේ සහ හෝර්ටන් තැන්නේදී.
    එහි සිටින අනිකුත් අයත් කොළඹ සරසවි සිසු සිසුවියන්.
    යාත්‍රා වැඩසටහනින් ප්‍රචාරය වුණා.

  4. See Jay says:

    බොහෝම ස්තූතියි විස්තර ටිකට.., මමත් කැමතිම සින්දු වලීන් එකක් තමා මේක..

  5. Unknown says:

    මමත් අහල තියන ලස්සනම සිංදු වලින් එකක් ඒකයි අවුරුදු 15ක් ගියත් තවම අපි අහන්න කැමති. අනික Music Video එකේ තියන සරල කම. Effects නාවන්නෙ නැතිව සිම්පල්ම විදියට කරල තියන නිසා බලාගෙන ඉන්න ආසයි. සේරටම වඩා වොයිස් එක ලස්සනට හසුරවල තියනව. හැම පැත්තකින්ම උපරිමේට නිර්මාණය වෙලා තියනව.

  6. Admiral says:

    One of the best I've ever heard ...
    Lyrics, Music, Vocals, Visuals ... everything is perfect.

  7. Anonymous says:

    man asama song ekak !!!!!
    Ranjana

  8. YashoK says:

    හිතේ රැඳුණු තවත් ලස්සන ගීතයක්......

Leave a Reply