සීතල සඳ එළියේ
පීදුන සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ
බඹරො නුඹ නාඩන්..
සඳළුතලාවේ මුණින්තලා වී
ඈත බලාගෙන කඳුලු සලන්නේ
පරසතු මල් මකරන්ද සුවඳ මැද
බඹරො නුඹ නාඩන්..
සදාහරිත වන රේඛා මැද්දේ
මළානිකව ගලනා සඳ එළියේ
රැ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක
බඹරො නුඹ නාඩන්..
<Gunadasa Kapuge>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago


