එදා වාගේ අදත්
පොද වැස්ස වැටෙනවා
මල් පිපුණු ගහ ගාව
තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ළඟින් නැති
අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි
මගෙ කවිය ලියනවා...

දුක පිරුණ මගේ හිත
නුඹ හොඳට දන්නවා
හිත හදපු නුඹේ හඬ
මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිණි දුක්
පැණි රසයි සිතෙනවා
මම තවම මට අහිමි
මගෙ කවිය ලියනවා...

අනාගත වාළුකා කතර
මැද තනිවෙලා
කෙසේ පා ඔසවම්ද
සා පවස විඳ දරා
පුරපසක නොවී නුඹ
අවපසක සඳ උනා
මම තවම මට අහිමි
මගෙ කවිය ලියනවා...

<Somathilaka Jayamaha>

6 Responses so far.

  1. නියමයි අපේ පැත්තටත් ඇවිල්ලා යන්න

  2. See Jay says:

    අනිවා එනවා...මම අදත් ආවා..comment එකක් දාන්න බැරි උනා... නිදහසේ comment එකක් එහෙමත් දාල යන්න ආයෙමත් එන්නම්කො

  3. අද තමයි මං මේ පැත්තේ ආවේ.ඒ වගේම අද තමයි මේ සින්දුව ඇහුවෙත්.අනේ හරිම ලස්සනයි

  4. Unknown says:

    මමත් තවම මට අහිමි මගෙ කවිය ලියනවා

  5. See Jay says:

    අපි ගොඩ දෙනෙක්ට පොදු දෙයක් ඔය අහිමි වෙච්ච කවිය... :)

Leave a Reply