රෝස මලට කියනවාද
මා මියගිය බව
කියන්නෙපා
රෝස ගහේ කටු විස වුන වග
මල වටකර කටු සැදුනේ
පෙති රකින්නම්
තරහ ගන්නෙ කොහොමද
අතු ඉතිත් එක්ක මං
මගෙ සොහොනට ආවොත්
ඈ අවසර විගසින්
කියන්න මං පෙම් කල බව
රෝස ගහ තරම්
සින්දු අහන්න නෙමේ...අහල තියෙන සින්දු විඳින්න එන්න හන්තානට....
ලස්සන සිංදුවක්. අදමයි ඇහුවෙ. මේ වගෙ සංයමයක් තියෙන සිංදු අහන්න ලැබෙනවා අඩු නිසා ද මන්දා මෙච්චර කල් අහන්න නොලැබුනේ
මං ඉස්සර හරිම ආසම සින්දුවක්.... දැන් උණත් ඒකෙ කිසි වෙනසක් නෑ.. මේ වචන අහපු දවසෙම මගේ හිතට වැදුණා හරියට.. අහන්න නොලැබුණ නිසා අමතක වෙලා තිබුණේ.. ක්රිෂාන්ත එරන්දක කියන්නෙ කොහොමත් බොහොම අපූරු ගායකයෙක්... අනිත් සින්දු ටිකත් හොයල දාන්න... මේ නිහඬ බව බිඳින්න, අපෙ අප්පච්චී, මන්දාරම් අඳුර මැදින්, තව තියේ මතක් වෙන්නෑ.. බොහෝම ස්තූතියි මතකය අවදි කරාට..!
@සිඳු ගොඩක් ලස්සන සිංදු තියෙනව රේඩියෝ වල ඇහෙන්නෙ නැති.. අනික නිස්කලංක විදියට සින්දුවක් අහන්න අපි ගොඩ දෙනෙක්ට වෙලාවක් තියෙනවද.. අපි හැමෝම රේස් එකක් යනව මොකටද යන්නෙ කියලවත් දන්නෙ නැතුව...
@බට්ටා ක්රිෂාන්ත එරන්දකගේ පලවෙනි ඇල්බම් එක මමත් ඇහුව පැල් බැඳගෙන.. AL එහෙම කරන කාලේ... ඇත්තටම ඒ කාලේ අහපු සින්දු තමා තවම මතක තියෙන්නෙ... මේ සින්දුව මම මේ ගොඩක් මෑතක ඇහුවේ... මන්දාරම් අඳුර මැදින් කියන්නෙත් පුදුම විදියෙ ලස්සනක් තියෙන සින්දුවක් තමා... :D