සංසාරේ ආ ලෙසිනා
ශෘංගාරේ යා කෙරුනා
පිණියායේ සැරිසරනා...
වරු ගානේ කොඳුරමිනා
හිත අස්සේ ඈ ‍රැඳුනා
හිත මානේ පිනි ඉසිනා
නෙතු යායේ ඉඟි වසිනා

රතු දෙතොලක පැහැසර වැදුනා
වතුසුදු මල හද තුල පිපුණා
ඔබෙ සුවදැති මඳ නල වැහිලා පායා
වස්සානේ සේයා
ඇස් මානේ ගාවා
සංසිඳිනා සේමා
පෙම් කෙරුවා ඈ
නෙතු පැටලි ආ දා මාගේ කියා
මල් වාරේ ආව සොයා..

ලැසි ගමනට ආලය හිතිලා
ඇසි පිය යට සෙනෙහස පිරුණා
සඳ පරදන වත මට සිහිවීලා බෝමා
වෙල් තීරේ පීරා
ගිම්හානේ පේනා
ඇස් බැඳුනේ ඈ හා
ළං වෙනවා ඈ..
නෙතු පැටලි ආ දා මාගේ කියා
මල් වාරේ ආවා සොයා....

<Dayasiri Jayasekara>


නැගෙන බිඳෙන
හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු
මා දුටුවා
නොදැනිම වාගෙ
ඒ රුව බොඳ කර
කඳුලක් නෙත
තනියට නැගුනා

මතකද හැම රෑ
පහන් වනතුරා
පැතූ පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි
අප දැන හිටියා

අද නුඹ කොහිදැයි සිත ඇසුවත්....

ඉරණම ලියැවි
අප වෙන් කලදා
දෙගුරුන් හමුවේ
සිත නිහඩයි
නුඹ මියැදෙන බව
දැන දැන සිතකින්

නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්....

මා තුරුලට ගෙන
සුරතල් කරනට
අහිමි උනත් මට
සොඳුරු වරම්
අන්සතු උයනක
නුඹ හිනැහෙනයුරු

දැක තුටු වෙමි නැවතී මෙතෙකින්....