
සංසාරේ ආ ලෙසිනා
ශෘංගාරේ යා කෙරුනා
පිණියායේ සැරිසරනා...
වරු ගානේ කොඳුරමිනා
හිත අස්සේ ඈ රැඳුනා
හිත මානේ පිනි ඉසිනා
නෙතු යායේ ඉඟි වසිනා
රතු දෙතොලක පැහැසර වැදුනා
වතුසුදු මල හද තුල පිපුණා
ඔබෙ සුවදැති මඳ නල වැහිලා පායා
වස්සානේ සේයා
ඇස් මානේ ගාවා
සංසිඳිනා සේමා
පෙම් කෙරුවා ඈ
නෙතු පැටලි ආ දා මාගේ කියා
මල් වාරේ ආව සොයා..
ලැසි ගමනට ආලය හිතිලා
ඇසි පිය යට සෙනෙහස පිරුණා
සඳ පරදන වත මට සිහිවීලා බෝමා
වෙල් තීරේ පීරා
ගිම්හානේ පේනා
ඇස් බැඳුනේ ඈ හා
ළං වෙනවා ඈ..
නෙතු පැටලි ආ දා මාගේ කියා
මල් වාරේ ආවා සොයා....
<Dayasiri Jayasekara>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



අදමයි ඇහුවෙ...ලස්සනයි වගේ...අහලම බලන්න ඕන...