කෙටිම කෙටි කථාවක්
මං ඔබ ගැනම ලියන්නම්
මා අතැර ගියේ ඔබ බව
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන් මා
මුදවනවානම්..
සුදු ඔබ පැරණි මතකයෙන් මා
මුදවනවානම්..

සඳ නිවෙන තරු මඬල යට
ගොස නගන මූදු රළ දෙස
වරු ගනන් බලා උන් වග
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන් මා
මුදවනවානම්..
සුදු ඔබ පැරණි මතකයෙන් මා
මුදවනවානම්..

ගත හිවුඩු පිපෙන සීතේ
දුම්රියේ එකට එක ළඟ
දුර ගමන් ගෙවා ගිය වග
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන් මා
මුදවනවානම්..
සුදු ඔබ පැරණි මතකයෙන් මා
මුදවනවානම්..

<Kithsiri Jayasekara>



ඔය ඇස් පියාන
ඔහොම ඉන්න
රහසක් තියෙනව කියන්න
රහස ඉවර උනත් එපා
මං යනතුරු ඇස් අරින්න..

ලැජ්ජයි බයයි ගැහෙයි
හදවත දෙතොල වියළිලා
දෑත සීතලයි සිහියත්
අඩක් අඩු වෙලා
වැඩක් පලක් කරන්න බැරි
නින්ද ඇතත් නිදන්න බැරි
මේ අරුමයද ආදරේ...

ස්නේහෙන් නුවන් සැලේ
පිලිතුරු ඔබෙන් එනතුරා
ප්‍රේම කෝඩුවෙන් තනි වෙයි
හදත් ගොළු වෙලා
මාන්නයට හඬන්න බැරි
තව කෙනෙකුට කියන්න බැරි
මට නොලැබේද ආදරේ..

<Kithsiri Jayasekara>


තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමණි
මිහිපිට ඇති එකම සම්පත..

මඳ පවන මොටද
ඔබෙ සුවඳ මුසු වී නැත්නම්
සඳ කිරණ මොටද
ඔබ මගේ තනියට ළඟ නැත්නම්
හෙළි කරමි මගේ ළඟ ඇති
ආදරයේ වත්කම්
පැල්පතද මට හොඳයි මිහිරියේ
එක හිත ඇත්නම්

කල් ගෙවා දෙනෙත් නොපියා
ඔබ ගැනම පියකතේ
කල්පනා කල තරම
මට කල්පනාවක් නැතේ
ඇඳිරියෙද මැණික හඳුනන
ඇස් දෙකක් මට ඇතේ
එනු මැනවි රස බලමු
සෙවනක එකම පැල්පතේ

<Victor Rathnayaka>


මට කියන්න
හැම දෙයක්ම
හිතේ තියෙනා
දුක නිවෙන්න
හදේ ගැස්ම
දැනෙනා තැනක
මං ආසයි
අහන් ඉන්න

ඔබේ නෙතු අගින්
‍රැ‍ඳෙනා කඳුළ
මෙනෙහී කරමින්
අදුරූ සිතින්
ලොවේ දහමින්
මිදිලා රැදෙමින්
හැකිවේද සිතනු රිසින්

දුක රැදෙයිද හැම දිනක්ම
නෙතු අගින් කදුලෙන්
අප තෙමන්න
රැදෙන්න
අවසරයි සොඳුර
පුදමී දෝතින්
වසන්තය

<Nadeeka Jayawardhena>



හිත වාවන්නේම නෑ
ඔබ ආයෙත් එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
කිරිකෝඩු මැදියම් රෑ
දුන් හීන එළිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ මා ඔබේ කියා...

සුසුමන් කියා නොදුන්නු
ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නෙ ඔබමයි ළඳේ
දෑසත් පියාන ඉන්නේ
බැරිද තාම අවදි වෙන්න
බලා ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙළී
දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඇයි ආදරී

උකුලේ නිදාන උන්නු
කාලේ ආයේ එන්නෙ නැහැනෙ
තනි වෙන්න බෑ මට ඉතින්
කෙහෙ‍රැල්ලේ ගෑවි ගෑවි
සුවඳ සෙවුවේ මා එදා
ලං වෙලා ඉන්න බෑ ඉතින්
ආදරේ නෑ ඔයා
පාඩුවේ මා හෙලා
ඔබ යන්නේ ඇයි ආදරී...

<BNS>

ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකි
ස්නේහේ ගඟුල්
ප්‍රේමේ තැවුල්
මැවු ඉන්ද්‍ර ජාලේ ඇයයි

දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ලංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා ‍රැයේ මා ලඟයි
මගේ අරුම පෙම් අංගනා

නෙතේ හැංගි හැංගි ඉඳී
සිතේ ස්වර්ණ යානේ නිදී
මගේ නින්ද ආයේ බිඳී
දිවා ‍රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා..

<Victor Rathnayaka>


පිපුන මලක හැඩ
දැස සලා
සිතුම් විහඟ කැල
වසඟ කලා
මග තොට ‍රැඳි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කලා

කවුරුද ඔබ මා
ඉන්නෙ කොතැනා
නොම විමසා පෙම
ඉඟි මැරුවා
සොඳුරු වසන්තෙක
මොහොතක සුව පා
වෙන්වුවා අප සුසුම් දරා

මතකේ මැවෙනා
පෙර රූ චායා
හමු වේදෝ යළි සිත් සනහා
ඔබ නමටයි මා පාරමි පුරනා
ඇසේවිදෝ මේ ගී මාලා..

මම ගොඩක් ආස සින්දුවක් මේක, පුලුවන්නම් පහළ ලින්ක් එක දාල තියෙන Vedio එකත් බලන්න, අමුතු විදියේ vedio එකක්, ලස්සනයි....

<Shalitha Abewikkrama>


නෙතේ කඳුළු පිස දමන්න
ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න
සතුට පිරි හදින්
වසන්තයට අඬ ගසන්න
ඔබේ කටහඩින්
දුරින් ඉඳන් බල ඉන්න
ඔබෙ නෙතු අගින්

තරු පහන් නිවා දමන්න
එළිය දී ඇසින්
අන්ධකාරයෙන් එබෙන්න
පුන් සඳක් ලෙසින්

සදා මෙලෙස බල ඉන්න
මහද කවුළුවෙන්
දිවා ‍රැයේ ගල එන්න
සිහිනයක් ලෙසින්

<Sunil Edirisinghe>



එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත්කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහයින් සිත අද්දරට

විශ්මිත ගමට අදහන්නට බැහැ තවම
මා හැර දමා නුඹ ගිය මඟ ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදු බැවින
දුක්බර සිතට කීවෙමි නොහඬන ලෙසින

සිටිනා කොදෙව්වක නුඹ සැප විඳීනම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේනම්
මතකය නුඹට හිරිහැරයක් නොවේනම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්

<Rohan Shantha Bulegoda>



කඳුළු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසල වන්න

හිත උපන්න ආලවන්ත
ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න

ලිහිණියනේ පියාඹන්න
ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඇය එවන්න මා බලන්න...

<Sunil Edirisinghe>

හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදි
දැනුනේ නෑ මටනම් පාළු
ග්‍රහයෝ නැතුවාලු ඔබගෙ නිසි පරිදි
මටනම් නෑ අඩු පාඩු

මේ දුරු ගමනේ
මගෙ දෑතේ වෙලිලා
භවයේ සැරිසරා
එක් වීලා
මේ දිවි සටනේ
නොයමි පැරදිලා
මා නුඹ ගන්නෙමි දිවුරා..

දුර අහසේ
තාරකා
ඇයිදෝ නුඹව
තනිකරලා
මල් වැල් ගොතා
නුඹේ දෙවුරේ හොවා
‍රැක ගන්නෙමි මගේ
ප්‍රාණයෙන්
ග්‍රහ දොස් මකා
මා ප්‍රේමයෙන් දොවා
නුඹ ඉන්නේ සදා මා ළඟින්...

<Shihan Mihiranga>
මටනම් උනේ මේකෙ අනිත් පැත්ත..., නොදකින් ඔය කේන්දර හොයා ගත්ත එකාව මට අහු උනානම් මරාගෙන මැරෙනව..:D


සිතාරා නුඹට මං ආදරෙයි
ඔය නීල නෙතු යුග
පුරා දිදුලනා
ආදරෙන් හිත පිරෙයි..

පෙර සසරෙදිත් මේ ලෙසින් අපි
හමුවුනා මෙන් දැනෙයි
නෙතු වසා සිටියදිත්
පෙනෙන්නේ නුඹේ රුවයි..,
මට පෙනෙන්නේ නුඹෙ රුවයි...

මගේ හදවතත් නුඹෙ සිතින් අද
නොවිඳිනා දුක් විඳි
හමු නොවි වෙන් වුනත්
පතන්නේ නුඹෙ රුවයි
දිනෙන් දින මම ආදරෙයි..

<Nalaka Anjana Kumara>

පිපුනු කුසුම පරවූවා
ඹබර කිකිනි ගොළු වුනා
මුතු කැට සුද සැඟවුනා
හස‍රැලි වියළි ගියා..

සිතක නැගී
පෙම් රළ පෙළ
වෙරළ වැළඳ
නිල් දැසක
කඳුළු වලට
පෙරළුනා..

<Amaradewa>

මේඝයක් සේ හුදකලා වී
නීල අම්බරයේ
නොදැන මගතොට
බලා වටපිට
අයාලේ යන ගමන
කොතැනටදෝ....

පෑල දිග රතු ක්ෂිතිජ රේඛාවේ
බුර බුරා නැඟි අග්නි ජාලාවේ
දැවී අළු වී යාද මා
අතරමං වී ඇදෙන මේ ගමනේ..

කෲර ව්‍යකුල චණ්ඩ මාරුතයේ
ගසගෙන ගොස් ගැටී ගිරි මුදුනේ
වහා සුන් වී යාද මා
අනන්තය ඇස ගැටෙන මතු දිනයේ...


<Nanda Malini>



පෙරවදනක් නැති
අප පෙම් පුරාවතට
මට කුමටද තව පසුවදනක්
නුඹගෙන්..

හැම හමුවීමකට
නියමිත අවසානයක් ඇත්නම්
????? ගයනා ගීයට විරාමයක් දේනම්
මට කුමටද තව පසුවදනක්
නුඹගෙන්..

එක  ඍතුවකට පසුව
නව ඍතුවක් පැමිනේනම්
ගහකොළ මල් දළුලා යායට
අලුතින් සැරසේනම්
මට කුමටද තව පසුවදනක්
නුඹගෙන්..

<Nadeeka Jayawardhena>


මේ ඉර හඳ යට හමු වී
කතා කරපු අය
සෙනෙහෙ වඩපු අය
ළඟපාතකවත් නෑ..

අද නුඹ කොතැනද
අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා..

දැන හඳුනාගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් හිටිය නිසා
අප වෙනුවෙන්
අප නමින් හෙලන්නට
හෙටටත් කඳුලක් ඉතිරි වෙලා..

<Edward Jayakody>

වන්නි වන පෙතේ
ගම් දනවු පුරා නිවහන
වංක ගිරි වනේ
වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා
බැතියෙන් වන්දනා කරම්

කන්ට බෑ කියා
තනියම එන්ට යයි කියා
ගමටම බත් බුලත්
නිතර දන් දුන්
පියවරුන් වෙතින්
ජාත වී ඇතත්
පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය
අසල දූ පුතුන්..

කල්ප කාලයක්
පරපුර දුන්නු දන්
ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ
සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත
කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම
බුදිති බෝ දුකින්



<Sunil Edirisinghe>

සඳ පහන් ‍රැයේ
මේ සඳ පහන් ‍රැයේ
උනුහුමක් හොයා ගෙන ඇවිල්ලා
සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ
අනේ මම රාත්‍රිය උනානම්
මුව උඩින් පාත් වී හිඳීවි
සිනා මල් මිටක් වී පිපේවි
අනේ මම රාත්‍රිය උනානම්...

ළඟ ළඟම මා එතැයි සිතාලා
බිඳක්වත් දෑස හැර බැලීනම්
ඇඹින්දක් ඔය මුහුණ සිඹින්නට
අනේ මට ඔබව හිමි උනානම්
ගිලන් වී ඔබ හිඳින වෙලාවේ
ආදරෙයෙන් ලං වෙලා හිඳිවි
උරහිසේ හිස හොවා හඬන විට
හාදු වැස්සක් වෙලා වැටේවි..

සඳ පහන් ‍රැයේ
මේ සඳ පහන් ‍රැයේ
සදාකල් ලඟින් හිඳින්නම්
මම නුඹව මලක් සේ රකින්නම්
මම මලක් සේ ‍රැ‍ඳෙන්නම්
ඔය හිතේ මට ඉඩක් තියේනම්
ආදරයෙන් ලං වෙලා හිඳීවී
හාදු වැස්සක් වෙලා වැටි

<Indika Upamali>

අරුන්දතී තාරකාව සේ දිලී දිලී
නුවන්පෙති විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පති නැණින් යොවුන් සිත බැඳී බැඳී
දවස්පති රුවින් සිනාසෙයි නැගී නැගී

වෙරළ සමීපේ මින් සමුදායයි
ගමින් ගමට නිල්වන් වැවු යායයි
සිරිලක දසනුදිසා එක හීයයි
ලක් වැසියෙක් වී අද ඉර පායයි

මල්සර උක්දඬු දුනු හී මානයි
නව යෞවනයේ පෙම් රජ දානයි
හිරු නව පැතුම් පතා ‍රැස් වීදයි
නිවහල් ලොවකට මංපෙත සාදයි

විශේෂ ඉල්ලීමකට upload කලේ මේ සින්දුව, audio quality එකනම් හොඳටම සවුත්තුයි හැබැයි, සමාවෙන්න ඕන...

<Victor Rathnayaka>

මිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා
මවෙතින් ඉගිලී
සමුගෙන ගොස් යලි හැරුනෙමි
සත්තයි නුඹ ඇවිදින්
සෙවනැල්ලක් සේ..

සැ‍ඟෙවුවාට වළාකුලක් දුහුලින්
කලා සපිරි සඳ වැසුණාදෝ
හමා ගියද මාරුතයක් සුළඟට
තරු එළියක් නිවී යාවිදෝ

කඩා වැටෙන මහ වැස්සට සේදි
මලක පැහැය දියව යාවිදෝ
සමුගන්නට සිදු වුවත්
අපට දැණුන සුවඳ මැකී යාවිදෝ

<Edward Jayakody & Nirmala Ranathunga>

දේවතාවන් සිතන දේවල්
දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ..
හිරු ‍රැසින් හැම පිනි බිඳක්මත්
දිලිසි දිලිසි අවදි වෙන්නෑ

දෛවයයි
ඉරණමයි
ජීවිතය සමඟින්
රඟන ‍රැඟුමක්දෝ..

දඟකාර සමනල් අවදියේ අපි
ඉගිලුනේ අපේක්ෂාවන් කරා
පිනි සුළඟේ දැවටෙමින්
කාන්සියට ගී ගැයුවා
අපෙ ගී ඇසුනේ අපට පමණයි..

සුසීමා ටෙලි නාට්‍යයෙ තියෙන ලස්සන සින්දු ගොඩකින් එකක් තමා මේකත්, අහම්බෙන් වගෙ හම්බ උනේ, සැහෙන වෙනස් විදියෙ ලස්සන සින්දුවක්..
<Clarence Wijewardene>

රෝස මල් යායේ
රෝස කුමාරියේ
ඔබ මගෙයි..මා ඔබෙයි
ප්‍රේම ගී රාවේ
පාවේ..
සීත කඳු තීරේ..

රෝස තොල් පෙති
සැලි සැලි
කීව රහසයි ආදරේ
රෝස මල් සේ
මල් පිපේ
මා ළයේ..
ආදරේ නිසා
සුන්දරයි මේ ජීවිතේ..

සීත පවනැලි
ඇදි ඇදි
රෝස දෙකොපුල්
සිඹින්නේ
ඒ වගේ මා ලං වෙලා
කුමරියේ..
හාදුවක් පුදා
ගයන්නද ගී ආදරේ...


<Kasun Kalhara>

හිරු බිහිරියි..
සඳ ගොළුයි..
තාරකා අන්ධයි..
බිය නොවන් මුලා වී

බලා සිටින්නට අද දින අප දෙස
කන් දෙන්නට කවුදෝ ඉන්නේ
තුරුලතා මුවාවේ ගයන්න
හිරු බිහිරියි..
සඳ ගොළුයි..
තාරකා අන්ධයි..

අකාරුණිකවු ලොව අමතක කර
දෑසින් සෙනෙහස උතුරා යයි
ලිය යහන් තලාවේ නිදන්න
හිරු බිහිරියි..
සඳ ගොළුයි..
තාරකා අන්ධයි..

<Nanda Malini>

සිතුවිලි සිරවී
හදවත පතුලෙ
ඉකීබිද වැලපෙනවා
රුව සැංගි මගෙ
මතකය අතරෙ
නෙත් අසරන වෙනවා

ඔබේ සෙනෙහස දැක
සැගවෙනු කෙලෙසද
නැ මට තවමත් වැටහෙන්නෙ
සුසුම් නිම්නයෙ
තනි වෙන්නට නම්
මේ ලෙස ඇයි
අප හමුවන්නෙ

මීලාන වූ මල්
ඉකිබිද වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දි
ලොව දහසක්‌ නෙත්
හිනැහෙන මොහොතෙ
ඔබේ මගෙ ලොව කදුලු දකී

<Bandara Athawuda>

ඔබ එන්න සුළඟේ දැවටිලා
මා ඉන්නෙ ඔබ දැන් එයි කියා
සුදු හංස ත‍ටුවේ සැතපිලා
පෙම් කරමු රහසෙ සැඟවිලා
ළබැඳියේ..
මා සිතින් සිරා කලා
ළබැඳියේ..
මා සිතින් පෙම් කලා...

නා දල්ල වාගේ දිදුලනා
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිර වෙලා
මට ඉන්න ඇත්නම් තනි වෙලා
ළබැඳියේ..
මා සිතින් සිරා කලා
ළබැඳියේ..
මා සිතින් පෙම් කලා...

කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පළඳා හැඩ බලා
මා වින්ඳ සතුටේ ඉම් සොයා
ඔබ යන්න සුළඟේ අප දමා
ළබැඳියේ..
මා සිතින් සිරා කලා
ළබැඳියේ..
මා සිතින් පෙම් කලා...

<Lahiru Perera>

ලඟදි දැකපු ලස්සනම vedio වලින් එකක් තමා මේ සින්දුව, වචන ටිකත් ඒ විදියටම හිතට වදිනව. මේ සින්දුව ගැන article එකක් තිබුන දිවයින පත්තරේ, මේ තියෙන්නේ ඒක..


සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
ඔබයි ගෙන ආවේ
සිනාසේ
ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ

නිබඳ සුවඳයි
ඔබ නිසා මට
ගගනතින් හමනා
පවන් සිහිලැල්
ගම් දොරින්
පිටමං නොවේවා
නැවුම් සුහුඹුල්
යෞවනේ හස‍රැල්

නිසල සිතිවිලි
සසල තුරිලිය
අතර තනිවෙමි
ඔබ නිසා සතුටින්
අහස සමුදුරු වැළඳ සැනසෙමි
තැනක සඟවමි
හද සෙනේ සුසුමින්..

<Samitha Mudunkotuwa & Lakshman Wijesekara>

තරු පිපුනු ඝන අහස මමනම්
ඒ අහසෙ පුරාහඳ වෙන්න සුදු රුවනි
වැසි නොවැටි මරු කතර මමනම්
ඒ පොලොවෙ නිසල දිය බිඳුව වෙන්න සුදු රුවනි
හද පෙලන චන්ඩ රළ මමනම්
ඒ නදියෙ නිසල දිය වෙන්න සුදු රුවනි
ප්‍රේමයෙන් අහිමි හද මගෙනම්
ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි

නෙතු පෙලන කැල්මේ
සිනා සඳපානේ
ඔබ ඇවිත් මගෙ ලගින්
ඉන්නවා වගෙ දැනේ
ඒ බලන් බැල්මේ
හදක හස‍රැල්ලේ
අපි හදින් බැඳුන වග ලෝකයා නොම දනී

ජීවිතය අතරේ
ආදරය නැවතී
පෙම් කවක් සදාතන
හදට කොඳුරාවී
මේ ගී ගායනා
ආල හද වේදනා
මහ ඹබුන් හෙට දිනේ
අප නමින් ලියාවී..

<Jagath Wickramasinghe>

මිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක්
තනයි මාළිඟා අහසේ..

කිරුළු පළන්ඳන කතක් නැති
රජ කරවන්නට පුතෙක් නැති
අතීතයක් මිස හෙටක් නැති
මිහිමත බිම් අඟලක් නොමැති
මිනිසෙක් තනලා මාළිඟා...

හිස් මාළිඟයේ කවුළු ???
අඳුරු කුටිය කෙලෙසද එළි වන්නේ
පාළු අඳුර කවුදෝ සිඳලන්නේ
පෙර මෙන් කිංකිණි නැත හැඬවෙන්නේ
අහසේ තනලා මාළිඟා...

අඳුරු මාළිඟා එළි කරවන්නයි
පාලු අඳුර මොහොතින් සිඳළන්නයි
හෙළ මව යළි රන් කිරුළු දරන්නයි
දැයේ පුතුන් ලොව රජ කරවන්නයි
මිනිසෙක් තනලා මාළිඟා...
අහසේ තනලා මාළිඟා...

<Amaradewa>

සිහින දූවක
ආදරේ පිරුණූ
උණුහුම් දෑසම
හමුවන තුරා
ජීවිතේ පියගැට පෙළ ලඟ
විකසිත ආදර ප්‍රාර්ථනා...

රම්‍ය වන අරණක
?? කුසුමක පවා
හමනා
සදාදරණීය සුවඳමයි
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා...

උදා තරුවක්
ඇහරවන
අරුණු ගීයක පවා ගැයෙනා
සදාතනික මිහිරියාවයි
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා...

<Kasun Kalhara>

එක වසන්තයක
එක රාත්‍රියක
දැණුනා මතකයි
මට ඉබේම වාගේ
ඔබේ සුවඳ..
එක හුස්මක්වත් ගන්නට
ඉඩ නැති තරමට
දැණුනා විතරක් මතකයි

හද ලුහුබැඳ ඉව කරනා
පෙර සසරක සුපුරුදු සුවඳ
ඒ ඔබේ නොවෙද
එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොඳුර...

මේ වසන්තයෙදි
හමුවන සුළඟ සමග
සසැඳී පෑහෙන්නට
හිතයි මටයි
ඔබේ සුවඳ සමග
මුසුවනු පිණිස
මගෙ සුසුමක් තියන්නද
සිහිවනු පිණිස
සොඳුර...

මේ වසන්තයම
ගතවී යන්නට පෙර
තුරුලේ ඇහිරෙන්නට
පතමි මම
ඔබෙ සිතැඟි වලට
මුසුවන පිණිස
මගෙ හැඟුමක් තියන්නද
ගිවිසනු පිණිස
සොඳුර...

<Kasun Kalhara>

හැමදාම හඬන සිත හදන්න
නුඹ ළඟ නැහැනේ
කවුරුවත් එප නුඹ හැරුනම
දුක දැනුනාවේ
ඉස්සර වගෙ හීනෙන්වත්
දැන් එන්නෑනේ
මට විතරද දුක දැනෙන්නේ
මං දන්නෑනේ...

සඳ මඬලට උපමා කර
කවි ලියු කාලේ
කාගෙත් දුක දැනෙනා හිතක්
ඔබ සතු වුයේ
කඳුළු බලා
ඔබ අද මට හිනැහෙනවානේ
ඔබවම හිත පතනා කරුණ
මං දන්නෑනේ...

නෙතු තෙමුනා මගේ මතෙකට
ඔබ එන ගානේ
තවම හිතේ ඔබ හැරුනම
කවුරුත් නැහැනේ
අද නැතිමුත් ලඟ සිටිදා
සිත හැදුවානේ
හිත මේ තරමට අසරණ
ඔබ හින්දානේ....

අද අහම්බෙන් වගෙ හම්බ උනේ මේ සින්දුව...හිතට ගොඩක් වැදුන නිසා එහෙමම ටයිප් කලා එක හුස්මට..ඇත්තටම ලස්සනයි...

<Romesh Sugathapala>

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා

නුහුරු නුපුරුදු හීන අරං
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුනා
ඇසිල්ලක දු‍ටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් ‍රැඳුනා...

<Athma Liyanage>

කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීතරාවේ ඇසේවා
ජීවිතේ පුරා...

යාළු වී
දෙවැටේ එදා
කී කතා අසා
පාළු වී
හැඬුවා සදා
මාරුතේ පවා..

ගං ඉමේ
මාදං කැලේ
පාසලේ පුරා
මා සොයා
අවා වගේ
වෙන් වෙලා ගියා..

<Milton Mallawarachchi>

දිනෙක ඔබ මා
හිරි පොද වැස්සේ
මල් කුඩෙ යටින් පියමැන්නා
මොනවද හිමිහිට මිමිනුවා

අද හීතල වැහිබිඳු නහවයි මා
මට හෙවන දෙන්න නුඹ ලඟ නෑ
මේ වැහිබිඳු ඒ ගැන දන්නෑ

නොඉවසිල්ලෙන් බලාවුන්
වසන්තය ආවේ දැනුයි
මාවත මල්ගොමු පිරි ගිහින්
හීතල හුලඟේ විසිරී
නුඹත් ලඟ උන්නානම් කියා හිතුනා
මටත් තුරුල් වී උණුහුම් වෙන්න තිබුනා
වසන්තේ ඒ ගැන දන්නෑ

අපි දෙන්නා හිනාවු ගංතෙර
තවමත් සිහිල් පවන් හමයි
හීනයක්වන් අතීතයේ සුවඳ තවම ගලනා
හීතලයි කියා නුඹ තැවෙන් එපා
මං නුඹේ හිතේ උන්නු තැන තවම උනුහුමයි
නුඹ ගැන දන්නේ මම විතරයි..

දිනෙක ඔබ මා
හිරි පොද වැස්සේ
මල් කුඩෙ යටින් පියමැන්නා
මොනවද හිමිහිට මිමිනුවා

අද හීතල වැස්සේ මං විතරයි
මල් කුඩේ යටින් මං තනියෙන්
මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ...


(මේකෙ සමහර වචන වැරදි ඇති.. සමාවෙන්න ඕන ඇහෙන විදියට ටයිප් කලේ.)
<Sixeth Lane>

බිඳුනු පෙම් හද නිවාලන්නට
කඳුළ නුඹ ආ දා
අඳුර රජයන හුදාකලා සිත
නුඹට පෙම් බැන්දා

සරාගික වූ නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ
නිමාවූ සිහිවටන පමණකි
දෙනෙත් දෑලේ ඉදිවුනේ
කඳුළ නුඹ පිපුනා
දැවී ගිනිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා

ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ
දිනෙක ඇය මා අමුත්තන් සේ
යළිත් හමු වේවී
කඳුළ නුඹ නාඩන්
දුරස් වන්නේ නැතේ නුඹ මා
කඳුළ නුඹ නාඩන්....

<Gunadasa Kapuge>