කෙටිම කෙටි කථාවක්
මං ඔබ ගැනම ලියන්නම්
මා අතැර ගියේ ඔබ බව
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන් මා
මුදවනවානම්..
සුදු ඔබ පැරණි මතකයෙන් මා
මුදවනවානම්..
සඳ නිවෙන තරු මඬල යට
ගොස නගන මූදු රළ දෙස
වරු ගනන් බලා උන් වග
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන් මා
මුදවනවානම්..
සුදු ඔබ පැරණි මතකයෙන් මා
මුදවනවානම්..
ගත හිවුඩු පිපෙන සීතේ
දුම්රියේ එකට එක ළඟ
දුර ගමන් ගෙවා ගිය වග
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන් මා
මුදවනවානම්..
සුදු ඔබ පැරණි මතකයෙන් මා
මුදවනවානම්..
<Kithsiri Jayasekara>
පිළිතුරු තැපෑලෙන්
1 year ago
මේ පැත්තට ආවමයි මේ. මෙකේ තියෙන හිගාක් සින්දු මං හුඩක් ආස කරන ඒවා.. ලෝබයි ඇයි මේ තරම් කල් මේ බ්ලොග් එක නොදැක්කෙ කියලා..
සන්තොසයි මේ පැත්තෙ ආවට..ආයෙමත් ඇවිල්ල යන්න...:D