පිපුන මලක හැඩ
දැස සලා
සිතුම් විහඟ කැල
වසඟ කලා
මග තොට රැඳි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කලා
කවුරුද ඔබ මා
ඉන්නෙ කොතැනා
නොම විමසා පෙම
ඉඟි මැරුවා
සොඳුරු වසන්තෙක
මොහොතක සුව පා
වෙන්වුවා අප සුසුම් දරා
මතකේ මැවෙනා
පෙර රූ චායා
හමු වේදෝ යළි සිත් සනහා
ඔබ නමටයි මා පාරමි පුරනා
ඇසේවිදෝ මේ ගී මාලා..
මම ගොඩක් ආස සින්දුවක් මේක, පුලුවන්නම් පහළ ලින්ක් එක දාල තියෙන Vedio එකත් බලන්න, අමුතු විදියේ vedio එකක්, ලස්සනයි....
<Shalitha Abewikkrama>
පිපුන මලක හැඩ (Official Vedio)
පිළිතුරු තැපෑලෙන්
1 year ago
මම ඊයෙ තමයි හන්තානට ඉස්සෙල්ලම ආවේ. ඔයා දාල තියෙන ගොඩාක් සිංදු හරිම ලස්සනයි. "පිපුණ මලක" සිංදුවට මම හරිම ආසයි. ඒ නිසාම ඔයාට කමෙන්ටුවක් දාල යන්නම හිතුණා.
සන්තෝසයි... :D