සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
ක්ෂිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි....

එදා අප පියමං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි....

පහන නිවුනා පහන් පැල මත
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි....


මේ හිත තනියෙන්
නුඹ එනකන්
හිටිය තරම්
නෑ මං දන්නා
වෙන කවුරුත්
නුඹව තරම්..
ආදරයෙන්
එදා ඉදන්..

කඳුලක් ලඟ නැවතුන ඇහිපිය
දුරකට යවමින්
හුස්මත් මට අමතක කරනා
මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන්
ජීවිතේ අලුතෙන් ලියන තරම්...

වරුවක් ළඟ මුමුණන ඔය හිත
මගෙමද හිතමින්
තනියක් නැති දවසක් එනකන්
තව මඟ බලමින්
ආයේ හීනේ මැද්දෙන්
ආදරේ අමුණා තියෙන තරම්...

<Athma Liyanage>


රෑ අහසේ
තරු කැට පායා දිලුනා...
මා තනි වී
සිතිවිලි සයුරේ වෙලුනා...

ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක්‌ පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැඳී දිලෙනවා
සිතට දැනෙනවා...

තරු එළියක්‌ වී දෙනෙතට වැටිලා
සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරුකැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා..


<Athma Liyanage>