බිරිඳ මගේ ඔබ..

නෑ මා ඔබගේ
බිරිඳ නොවේ
දෑඟිලි හුයකින්
බැඳි පමණින් මා
ඔබගේ බිරිඳ නොවේ...

ඔබ පෙම කල අය
ඔබට ලැබී නැත
මා පෙම් කල අය
මටද ලැබී නැත

මව්පිය නෑසිය
ආසිරි ගී මැද
දෑඟිලි පමණක්
එකට බැඳී ඇත

සිරුරින් එක තැන
හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි
එකම වහල යට

ඔබෙත් මගෙත් හද
ගැහෙනා රාවය
අපට මියෙන තුරු
හැඳිනිය හැකි වෙද

<Gunadasa Kapuge, Nanda Malini>