දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
රහසින් එයි හැඟුමන් මතුවී හදේ
නෙතගින් පෑ විසිරී උනුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
යළි කිසිදා නොලියූ මේ ආදරේ...
බලා හිදින් හදින්
සදා නොයන් ලඟින්
නෙතේ වෙලී
හදේ ඇදෙන් ළඳේ...
දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
රහසින් එයි හැඟුමන් මතුවී හදේ
නෙතගින් පෑ විසිරී උනුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
යළි කිසිදා නොලියූ අපෙ ආදරේ...
පැතූ පැතුම් ඔබෙන්
සදා විදිම් සුවෙන්
අතේ වෙලී ලගින්
රැඳෙන් මගේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
රහසින් එයි හැඟුමන් මතුවී හදේ
නෙතගින් පෑ විසිරී උනුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
යළි කිසිදා නොලියූ මේ ආදරේ...
රම්බරි සින්දුවෙන් මෙලො රහක් නැති ගායකයෙක් විදියට එළියට ඇවිත් ළබැඳියේ සින්දුව කියනකොට මට ඇත්තටම හිතුන ලහිරු කියන්නේ රහක් තියෙන මනුස්සයෙක් කියල, මේ සින්දුවෙන් ඒක හොඳටම ඔප්පු වෙනව... මටනම් මේ සින්දුවේ පද රචනය තනුව ගායනය කියන කිසි දෙයක් වැදගත් නෑ... මේකෙ මාතෘකාව, මේ කතා කරන්න හදන දේ තමා වටින්නේ..කපුගේ, අමරදේව, අමරසිරි පීරිස් වගේ අය කතා කලාට අලුත් පරම්පරවේ කොල්ලෙක් මේ වගේ සින්දුවක් තෝරගත්ත එකම වටිනව...
<Lahiru Perera>
සඳ කැන් වැසිලා
අඳුරේ එතිලා
ඝනදුරු රෑ
තනිකම නෑ
සොයා එන්න
ඝනදුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමනී
ජීවිතයම සතු එකම සුවේ
හීසර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මාසතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ
මා නැත අන්සතු සිත් බිදලා
දෑතම බැදගෙන ඉදිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා
<Victor Rathnayaka>
කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
කවදා තනි වන්නේ...
බිඳුනු සෙනෙහෙ දළු ලියලා විත්
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ වී විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
කවදා තනි වන්නේ...
දෙපය දොවා පිණි දිය දෝරේ
ප්‍රිය බිරිඳක වූදා නේද අගේ
මා හිස සිඹ දොඩලා කතන්දර
රසමසවුළු සුවදෙහි තුඩ තබන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
කවදා තනි වන්නේ...
<Neranjala Sarojini>
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි.. ඔබ අනන්තයි..
වෙණ තතක් හැඬවෙන තැනක් ඔබ
මධුවිතක් උතුරන තැනක් ඔබ
තෙලිතුඩක් දැවටෙන තැනක් ඔබ
පන්හිදක් ගැවසෙන තැනක් ඔබ..
අඩ සඳක් සැඟවෙන තැනක් ඔබ
රළ පෙළක් පෙරෙළෙන තැනක් ඔබ
සිසිලසක් දනවන තැනක් ඔබ
උණුසුමක් ගෙන දෙන තැනක් ඔබ..
<Nanda Malini>
ඔබෙ දෙතොල් පෙති ලිහී
පිපුනු හසරැල් විලේ
හද දියඹ ගලායයි
රැලි ළමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිදි
තුන් සිතම සලිතවේ
සසර සැරි සරන තෙක්
ඔබ මගේ...
හිරු නිවී මුහුදු තෙර
රාත්‍රිය එළබිලා
තරු කඩා වැටෙන විට
අහස් ගඟ කළබලා
මට බලා ඉන්න බෑ
ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක්
ඔබ මගේ...
නා ගසක් දළුදමා
වසන්තය එලබිලා
මද පවන් රැල් වැදී
සැලෙන විට කැළබිලා
මට බලා ඉන්න බෑ
දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරන තෙක්
ඔබ මගේ...
යුග ගනන් පැමිනි මග
පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය
ලකුනු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ
පෙර ඇසුර හැඟෙනවා
සසර සැරි සරන තෙක්
ඔබ මගේ...
අහස්තල පොලෝතල
ඔබට මට පොදුවෙලා
හදවතින් එක්වුනත්
ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ
සියොළගම තැවේනවා
සසර සැරි සරන තෙක්
ඔබ මගේ... ඔබ මගේ...
<Victor Rathnayaka>