කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
කවදා තනි වන්නේ...

බිඳුනු සෙනෙහෙ දළු ලියලා විත්
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ වී විඩාවෙන්
දුර එනතුරු දොරකඩ ‍රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
කවදා තනි වන්නේ...

දෙපය දොවා පිණි දිය දෝරේ
ප්‍රිය බිරිඳක වූදා නේද අගේ
මා හිස සිඹ දොඩලා කතන්දර
රසමසවුළු සුවදෙහි තුඩ තබන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
කවදා තනි වන්නේ...

<Neranjala Sarojini>

2 Responses so far.

  1. ලස්සන සිංදුවක්..

  2. Miyuru says:

    අනේ ආයෙත් මේ හඬ සජීවීව අපට අහන්න ලැබෙබෙන්නෙ නෑනෙ කියල හිතනකොට ලොකු වේදනාවක් දැනෙනවා... ඒ ගැන දයානන්ද රත්නායක මහත්මයා අස්වැන්නෙ දිග කතාවක් ලියල තිබ්බා මතකයි...

Leave a Reply