මල සරසාගෙන
මල් නැලවෙනකොට
ඒ මල දුටුවේ මලයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...
මල වටකරගෙන
මල් හිනැහෙනවිට
ඒ ළඟ හිටියේ මමයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...
පියගැට මුදුනින්
පිටුපා යනකොට
ආපහු හැරී බලා
හිනැහුනේ මටයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...
උඩ මහ මළුවෙන්
වැඳගෙන එනවිට
යන්නට ඉඩ හැරලා
අත වැනුවෙ මටයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...
තරඟෙට අපි උරුම හරුමකම් කීවට
කැලේ පිපෙන්නෙ එක මලද යාළු
කැලේ පිපෙන මල් වලින් රොන් බොන්න එන්න බඹරුන්ට
වැටවල් බඳින්න බෑ යාළු
පිපුන මලක සුවඳට ඉස්සරහින් යන්නේ
අපි වගේ සුළං රැල්ලක් යාළු
ගිම්හානය දුරු කරන්න වැස්සෙන් මිසක්
පින්නෙන් පිහිටක් නෑ යාළු...
මගේ මලයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි..
නෑ නෑ නෑ ඒ මගේ මලයි.....
<Harsha & Ranil>
දෙකොපුල් කඳුලින් තෙමා
තොල්පෙති නලලත තබා
නික්මුන දා
හිස සිඹ මා
ලතැවෙමි රෑ තුන්යමේ..
සුහදිනියේ..
මින් පෙරදි අපි මේ වගේ
වෙන්වී යන්නට ඇතී
මේ කඳුලු ගංඟා ඉමේ
කොතැනක හෝ
මගෙ දෙනෙත් ඉකිබිඳී
ඔබෙ දෙනෙත් යලි යලි සොයයි
අප පතා අවා වගේ වෙන්වී යයී
ඔබෙ පපුතුරේ මා හිඳී
මගෙ පපුතුරේ ඔබ හිඳී
ළං වෙන්න වෙන්නෙනම් නෑ
සුහදිනියේ....
සුදු සිනිඳු මල් පෙති වගේ
ගිලිහී යන්නට ඇතී
මුදු සුවඳ විඳිනා ඉමේ
කොතැන පිපී
හමුවීම ප්‍රේමය නොවේ
වෙන්වීම ප්‍රේමය වඩයි
අපි පතා අවා වගේ වෙන් වී යයී
ඔබෙ සිහින වල මා හිඳී
මගෙ සිහින වල ඔබ හිඳී
එය පියවි ලෝකය නොවේ
සුහදිනියේ...
මිහිරැති වසන්ත කාලේ...
කිම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන් වී
තනි වී වේදනාවේ
සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතවෙයි රැඳී නිදැල්ලේ
මිහිරක් කොහෙද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ
දාහය ගතේ වෙලීලා
කඳුලැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා ඒ
සොයමින් ගෙවූ අතීතේ
සෙනහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමාවූ
සතිෂ් පෙරේරා කලාකරුවාට නිවන් සුව පතමු.....!!!!
සරා සිහින රහසේ
දිවුරා කියා
හිතේ කඳුළු පහසේ
මැවුනා සිනා
ඔහේ ඇවිද මා හා
හද සිතුවිලි විල කළඹා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැඳිලා
සරා සිහින රහසේ දිවුරා කියා.....
සිත කඳුළැල්ලෙහි තවරා
කළුවර රස කර වින්ඳා
සඳ සෙවනැල්ලක හැංඟී
මගෙ ඇස් තනිකර තෙමුනා
එසේ කඳුළු ගැලු ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ..
තනි හදකින් හඬ දෙදරා
හරි ආදරයක් හින්දා
යළි කවදාවත් නොවෙනා
මහ සාගරයක හැඬුවා
එසේ කඳුළු ගැලු ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ..
<BNS>
පෙරදා
මහ රැ
මා සිහිළැල් උර මඬලේ
මුහුන හොවාගෙන
ළසොවින් වැළපුන
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුලක කැළලක් ඉතිරි වෙලා....
උරහිස තැවරී
වියළුනු කඳුලින්
ඔබගේ සුනරුත්
පැතුමක ගිනි ඇත
සදා දැවෙන්නෙමි
ඒ ගින්නෙන්.....
ඔබ හට පෙම්
කල යුගය නිමාකර
වෙන් වී යන්නට
දවස පැමින ඇත
සමාව දෙන් මට
සෙනෙහෙ සිතින්......
<Nanda Malini>
කවිය ඔබ
තුන් තිස් පැයක්
නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන්
තවම නොලියු
කවිය ඔබ...
පද එකින් එක ලියවා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියු කවි කියවා
මා අසරණව උන්නා
යෞවනේ.....
තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකි ගසා හැඬුවා
හොර ඇහෙන් ඉඟි කරලා
සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩිකරදා
නිදියන්න මට හිතුනා
යෞවනේ.....
අත ළඟින් හිඳිනා මොහොතක
දුර ඈත බව දැණුනා....
<Deepika Priyadarshani>
කාලය නම්
වෙද ඇදුරුතුමාණනි
ළඟා වෙනු මැනවි
ප්‍රේමයෙන් ගිනිගත්
මා හදවත සුවපත් කල මැනවි
ඔහු අතගෙන ඇය
මගෙන් වෙන් වුවත්
මතකය තවමත්
පිරුණ ආදරේ
දහස් වාරයක්
මනස ලැගුම් දෙන
ඒ ප්‍රේමයෙන් මා
මුදා ගනු මැනවි
මතු කවදාවත්
පෙම් නොකරන්නට
කාලය ඔබ හා
ගිවිසා ගන්නම්
දිනෙන් දින සිත
සුසුම් මවාලන
ඒ වේදනාවෙන්
මුදා හල මැනවි
<Gunadasa Kapuge>
ගඟුලක් වගේ ඇවිත්
කඳුළක් සේම නික්ම යන්න
මා ළඟින්
හිතටත් රිදෙයි
සුසුමක් නැගෙයි
එනමුදු අතැර යන්න
මගේ මුදු වදන්...
පාවෙන වළා බිඳක් සේ
වත දැවටෙන්න මුණිවතින්
අනුකම්පා නැති සිතකින්
ඔබ යන්න ඉතින්
සැඩ රළ බිඳෙන වෙරළගින්
එළිවෙන උදාගිරක් සේ
හිත දැවටෙන්න පෙරඹරින්
වත්සුණු නොමැති කොපුලකින්
සිප සනසන්න ඉතින්
මල් පෙති නොසැලෙන විලසින්
<Kithsiri Jayasekara>
හන්තානේ කඳු දණ ඇන නමදින
සිරි දළඳා හාමුදුරුවනේ
ඔබ වහන්සේ ළඟ ඉගෙන ගන්න ගිය
මගෙ දරුවා හාමුදුරුවනේ
පිරුවට අන්ඳා ඇස් දෙක පියවා
ගෙන ආවලු හාමුදුරුවනේ
දළඳා නාමෙට උත්තර දෙනවද
මතු බුදු වෙන හාමුදුරුවනේ...
ඇඳුරිඳුනේ මේ සැතපෙන දරුවා
ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ
වනන්තරේ වැදි සෙනගට අසු වුන
මරු වැල පෑගුන කෙනෙකුන්දෝ
මේ මගේ පුතු බව අදහනු කෙලෙසද
ලෙඩකින් දුකකින් නැත පෙළුනේ
දහඩිය විකුනන හොර මැර නැති අප
අකල් මරණ ගැන නැත දන්නේ..
කාලය දීපය දේශය දන්නා
මතු බුදුවන හාමුදුරුවනේ
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු
හමුවුන නැති බව නැත දන්නේ
තුවාල සුදු රෙදි පටින් වසාගෙන
උඩුකුරු වී මේ සැතපෙන්නේ
ඒ දස ධර්මයේ ගුණ කඳ නොවේද
කියන්න දැන්වත් ඇඳුරිදුනේ....
මේ සින්දුව ගැන ලස්සන විස්තරයක් තියෙනව මෙන්න මේ ලිපියේ.ධර්මපාල නම් පියෙකුගේ ප්‍රකාශය!
<Gunadasa Kapuge>
ළඳුනේ
ඔබේ දෑස
දැක ගත්තෙමි
සැදෑ කලෙක
ළඳුනේ
දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මනිනා
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි
පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එළියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ
<Amarasiri Peiris>
තරුමල් යායම
පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි
ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ
දුක පෑවසුවෙමි
අසනා කෙනෙක් නැති
පාලු නෑසුවෙමි
තනියට කෙනෙක් නැති
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළදක් වෙත
පෙම් කල උමතුවෙනි
නුවර උයන් මැද
හමුවු ළදුන් නැති
යටසින් බැලු නෙත්
රහසින් කතා නැති
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළදක් වෙත
පෙම් කල උමතුවෙනි
<Gunadasa Kapuge>
ඔබ මා හමුවුන
මේ ඉරහඳ යට
කොතැනක හිටියත්
මා මල දවසට
මගෙ ළඟ තනියට
ඉනු මැනවි...
ඔබ සිත මා සිත
හමුවූ දා සිට
මා ළය පීදී
පරවූ පෙම් මල
සිතින් තුරුළු කර
මා මල දවසට
මගෙ ළඟ තනියට
ඉනු මැනවි
කඳුල සුසුම
නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත
පියමන් කල සැටි
සිතින් දරාගෙන
මා මල දවසට
මගෙ ළඟ තනියට
ඉනු මැනවි
<Karunarathna Diwulgane>
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
නුවර වීදි යටකරගෙන
නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ...
කොළඹ අහස කළු කරගෙන
මුහුදු හුළඟ අඬලනකොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු
ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ....
සින්දුවක් අහල රසවිඳින්න පටන් ගත්ත දවසේ ඉඳලම මගේ කැමතිම ගායකයා උනේ කපුගේ.., අදටත් කපුගේගෙ සින්දුවක් අහන්නේ නැතුව ඉන්න දවසක් නැතුව ඇති..කපුගේ නැති වෙලා අදට අවුරුදු 9 යි. මේ පෝස්ට් එක කපුගේ වෙනුවෙන්...
ආදරණීය කපුගේ..ඔබට නිවන් සුව...!
හිත ගාව දඟ කලා
නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කලා
හදක ආරාධනා
සන්සුන්වු කල්පනා
විජිතයේ පාවුනා
ඔබේ සෙනෙහස ගෙනා
මිහිරි ආරාධනා
මල් පිපුණු තාරකා
විමානේ තනි වුණා
හැඟුම් මන්මත් කලා
සුසුම් ආරාධනා
සිනිඳු මල් පෙති පුරා
ඹබර ගී ලියැවුනා
සිවු නෙතක් ළං කළා
ඔබේ ආරාධනා
කුරුළු ගී පාවුනා
නිල් ගුවන් ගැබ පුරා
වසත් කල ළං කළා
සෙනෙහෙ ආරාධනා
<Victor Rathnayaka>
රැය පහන් කලා ඔබ ගැන සිතමින්
මා හිත උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ
මා නෙත් අවධියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්නට
අප සිත් එක් වේවී
අපේ ආදරේ උනුසුම ලබමින්
මේ සිත් සැනසේවී
පුන්චි සන්දියේ සෙල්ලම් කල හැටි
තවමත් මට මතකයි
වෙරළ දිගේ ගං ඉවුරු දිගේ
ඇවිදපු හැටි තවමත් මට මතකයි
යෞවනියක වී ඔබ මා අත ගෙන
මේ සැන්දෑ යාමේ
සොඳුරු ආදරේ මිහිර විඳින්නට
මේ සුමිහිරි යාමේ
මා සුන්දර සිහිනයක් මැවුවා
අප වටකර සිහිනයක් මැවුවා
ඔබ මගෙ කර සිහිනයක් මැවුවා
ප්‍රියාදරියේ...
පුදසුනක නිසල බව
ලද පෙමට තිබුනිනම්
හදවතට නොවේ මේ තරම් සුසුම්
මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
මල් විලක එලා තිබු මුදු සුවඳ නෙලාගෙන
සැනසිල්ල ලගින් ගෙන එන්න ගිහින්
දුක හඬන හැඬුම්
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්..
සිල් සඳක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස
පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්
මැන බලනවනම් නෑ ඉන්නෙ දුරින්..
<Dayan Withaarana>