මිහි‍රැති වසන්ත කාලේ...
කිම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන් වී
තනි වී වේදනාවේ

සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතවෙයි රැඳී නිදැල්ලේ
මිහිරක් කොහෙද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

දාහය ගතේ වෙලීලා
කඳුලැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා ඒ
සොයමින් ගෙවූ අතීතේ
සෙනහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමාවූ




සතිෂ් පෙරේරා කලාකරුවාට නිවන් සුව පතමු.....!!!!




7 Responses so far.

  1. Dinesh says:

    මගේ ප්‍රියතම එකක්..

    මේ ටිකේම මේකේ ගියේ මගේ ප්‍රියතම සිංදු වගයක්..

  2. මේ වීඩියෝ එක හුගාක් ලස්සනයි.හැබැයි සින්දුවට ගැළපෙන්නෙ නෑ.පුළුවන්නම් කියනවද මේක ෆිල්ම් එකකින් ගත්තු එකක්ද කියල.

    සතිෂ් පෙරේරා කලාකරුවාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

  3. See Jay says:

    film should be the Gangster, not sure dear

  4. ටී. ෂෙල්ටන් පෙරේරා පියා... ඒවගේම සතිෂ් පෙරේරා පුතා, ... දෙන්නම බොහොම තරුණ වයසෙදි අකාලයේ මියගියා. විශ්වාස කරන්නත් අමාරුයි ඒවගේ සිදුවීමක්. මේ ගිත වගේම හැඬුම්බර ගායනය හදේ නිදන්ගතවෙලා.මේවා තමයි දැනෙන ගීත

  5. dinithi says:

    හැම කෙනෙක්ගෙම හදවතේ පතුලටම දැනෙන හඩක් වගේම පද මාලාවක්...

  6. See Jay says:

    මේක මහ පුදුම සින්දුවක්..මම අද දවසටම ඇහුවෙ මේ සින්දුව විතරයි.... Repeat,Repeat,Repeat,....

Leave a Reply