කාලය නම්
වෙද ඇදුරුතුමාණනි
ළඟා වෙනු මැනවි
ප්‍රේමයෙන් ගිනිගත්
මා හදවත සුවපත් කල මැනවි

ඔහු අතගෙන ඇය
මගෙන් වෙන් වුවත්
මතකය තවමත්
පිරුණ ආදරේ
දහස් වාරයක්
මනස ලැගුම් දෙන
ඒ ප්‍රේමයෙන් මා
මුදා ගනු මැනවි

මතු කවදාවත්
පෙම් නොකරන්නට
කාලය ඔබ හා
ගිවිසා ගන්නම්
දිනෙන් දින සිත
සුසුම් මවාලන
ඒ වේදනාවෙන්
මුදා හල මැනවි

<Gunadasa Kapuge>

4 Responses so far.

  1. ‍කපුගේගෙ මේ ගිය ඇහුවෙ පළමු වතාවට අද තමයි. ඒත් මේ ගිය කපුගේ නිකුත්කළ කිසිඳු කැසට් පටයකට හෝ සීඩී තැටියකට ඇතුත්ව නැති බව නම් විශ්වාශයි. මට හිතෙන හැටියට කපුගේ මේ ගිය යම් කෙනෙකුගේ විශේෂ සැමරුමක් වෙනුවෙන් ගායනා කරන ලද්දක් බව පෙනේ. එසේත් නැතිනම් වෙනත් කෙනෙකුගේ ගී එකතුවක් වෙනුවෙන් කපුගේ ගැයූ ගියක් විය යුතුයි.මෙහි සංගිතය නම් කපුගේගේම බව නිතැතින්ම පේනවා.

    ගිතය පිළිබඳ,රචකයා ගැන තොරතුරු ඇත්නම් දෙන්න

  2. See Jay says:

    මේක මම හොයාගත්තේ අවුරුදු 12කට විතර කලින් අතුරුගිරිය පැත්තේ පරණ රෙකෝඩ් බාර් එකකින්, සින්දුවකට රුපියල් 25 ගානෙ දීලා සින්දු 16ක් රෙකෝඩ් කර ගත්තෙ කැසට් එකකට. මේකත් එක්කම තව සින්දු කීපයක්ම හම්බ උනා මම අහල නැති. ඒ දවස් වලම මට හම්බ උනා කම්පන වලට ගහපු පොඩි පොතක් මට මතක විදියට ඒකෙ මේ සින්දුව තිබුනා. ලිවුවෙ කවුද කියලනම් මට කිසිම අදහසක් නෑ.

  3. Unknown says:

    video 1ke aulak wage sinduwa ahanna behe ,,udau karanna

  4. Unknown says:

    me video 1ke play wenne nehe

Leave a Reply