මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න..

ප්‍රේමයේ රස කල්පනා
හදවතේ තව මවා දෙන්න
නැවුම් සඳක් වී මල් මාවතේ
මුතු සලා ඔබ සිනාසෙන්න..

මා නෙතේ සුව සිහිනයේ
මේ ලෙසේ ඔබ ‍රැඳී ඉන්න
පවන් රොදක් සේ  මා  ළඟ වෙලී
ජීවිතේ දුක නිවාලන්න..

<Sunil Edirisinghe>

7 Responses so far.

  1. Dinesh says:

    ඉදහිට අහන ලස්සන සිංදුවක්..

  2. See Jay says:

    ඔව් මමත්...දැන් ඉඳහිට ඇහුවට කාලයක් තිබුනා පැල් බැඳගෙන මේ සින්දුව ඇහුව...

  3. කැසට් නිෂ්පාදනය වූ මුල්ම යුගයේ සුනිල් එදිරිසිංහගෙ තුන්වැනි කැසට් එක වුනේ "පිනිබර යාමේ" කැසට් එක. ඒකාලේ ඒ කැසට් එකේ සියළුම ගිත ජනප්‍රිය වුණා. ඒකැසට් එකට තමයි මේ මියුරු ගිය ඇතුළත් වුනේ. සදාකාලික ප්‍රේම ගියක් රසය තනුව ගායනය හැමදෙයක්ම සදාකාලිකයි.

  4. See Jay says:

    ඔබතුමා කියන දේ සහතික ඇත්ත...මේ සින්දු සදාකාලිකයි....

  5. Unknown says:

    පවන් රොදක් සේ මා ලග වෙලී, ජීවිතේ දුක නිවා ලන්න... මීට අවුරුදු 4කට කලින් ඩයරියේ 'වෙන්ඩ නෝනා' ගැන ලියපු පි‍ටුවක යටින් මමත් එහෙම ලීවා.[අපරාදේ කියන්න බෑ.එයා මගේ ඉල්ලීම අහක දැම්මේ නෑ.ඒ නිසා මම එයාට උසස් වීමකුත් දුන්නා.දැන් එයා 'වෙන්ඩ නෝනා' නෙමේ දූලගේ අම්මා.]

  6. dinithi says:

    තවත් අපුරුව ගිතයක් සුනිල් එදිරිසංහයන්ගේ....

  7. See Jay says:

    @Sarath : සුභ පතනවා ඔබතුමාට සදහටම ඔය කියනවටත් වඩා ආදරෙන් එකට ඉන්න ලැබෙන්න...,

    @දිනිති : ඇත්තටම ලස්සන සින්දුවක් තමා..

Leave a Reply