
කවිය ඔබ
තුන් තිස් පැයක්
නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන්
තවම නොලියු
කවිය ඔබ...
පද එකින් එක ලියවා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියු කවි කියවා
මා අසරණව උන්නා
යෞවනේ.....
තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකි ගසා හැඬුවා
හොර ඇහෙන් ඉඟි කරලා
සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩිකරදා
නිදියන්න මට හිතුනා
යෞවනේ.....
අත ළඟින් හිඳිනා මොහොතක
දුර ඈත බව දැණුනා....
<Deepika Priyadarshani>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



මේ ගීයේ වචන ටික වෙනම කියෙව්වාම තියෙන්නෙ බොහොම ගැඹුරු කවියක්. ඒත් ගියක් විදියට ඇහෙන්නෙ කව්යේ අරුතට වඩා සරල අදහසක් හැටියටයි. මෑත යුගයේ දිපිකාගෙ ගීත ඒතරම් හිතට වැදුනෙ නෑ. ඒත් මේ ගිය නම් තාමත් හිතට දැනෙනවා
ගොඩක් ගායක ගායිකාවන්ගෙ මුල් කාලේ ගීත ගොඩක් ලස්සනයි... දිවුල්ගනේගෙ මුල් කාලෙ සින්දු කොච්චර ලස්සනද...