සීතල පිණි බින්දු බින්දු
රෑ තරු මත ‍රැන්දු ‍රැන්දු
ඇගේ නුවන් තෙමී 
කැළුම් පාවේ
ආදර සුව සිහින කැන්දු
මීවිත මුව ‍රැන්දු ‍රැන්දු
මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ...

පීදෙන සඳ රේණු පාවි
මේ මාවත සුවඳ දේවි
සොඳුර ඔබෙයි මගෙයි
සිතැඟියාවේ..
මේ රෑ නැඟි ‍රැහැයි ගීත
තනි වී සවනේ ‍රැඳේවි
ඔබ මා වෙත ‍රැඳී ඉන්න
සිහින ලතාවේ..

රෑ කල යහනේ ‍රැඳේවි
මා හා තනියට හිඳීවි
නිබඳ මගේ සිතේ
තනිය පාවේ
ඔබ මා ගැයු ප්‍රේම ගීත
ගොළු වී දෙහදේ ‍රැඳේවි
යළි මා වෙත ළඟා වන්න
හංස ලතාවේ....

<Victor Rathnayaka>

5 Responses so far.

  1. කලින් නම් අහල තිබුනේ නෑ!:)
    වචන ටිකක් බොළඳ වැඩියි වගේ නැද්ද??
    මට හිතෙන්නේ එහෙමයි:-/

  2. See Jay says:

    හැමෝම ආදරයේදි මොහොතකට හරි බොළඳ වෙනව නේද.., මටනම් හිතෙන්නේ එහෙමයි...

  3. වික්ටර් අද දවසේ අපට ඉන්න ප්‍රවීන සහ ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියා. ඔහු එක අතකින් ආනන්ද සමරකෝන් සුනිල් සාන්ත, අමරදේව පරපුරත්, අනකේ අතින් ජෝතිපාල, මිල්ටන් පෙරේරා, බෙග්, වැනි අය නියෝජනය කල ගායන පරපුරත් ඉවුරු දෑලක සිටිද්දී ඔහු දෑල යා කල පාලමක්.
    වික්ටර් මේ ශෛලීන් දෙකම නියෝජනය කළා. ඒකයි වික්ටර්ගෙ තියෙන විශේෂත්වය. වික්ටර් මගේ ලෝකයේ අංක 1 පෙලේ ඉන්නවා

  4. dinithi says:

    ලස්සන ආදර ගීතයක්...

Leave a Reply