මල සරසාගෙන
මල් නැලවෙනකොට
ඒ මල දු‍ටුවේ මලයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...

මල වටකරගෙන
මල් හිනැහෙනවිට
ඒ ළඟ හිටියේ මමයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...

පියගැට මුදුනින්
පි‍ටුපා යනකොට
ආපහු හැරී බලා
හිනැහුනේ මටයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...

උඩ මහ මළුවෙන්
වැඳගෙන එනවිට
යන්නට ඉඩ හැරලා
අත වැනුවෙ මටයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...

තර‍ඟෙට අපි උරුම හරුමකම් කීවට
කැලේ පිපෙන්නෙ එක මලද යාළු

කැලේ පිපෙන මල් වලින් රොන් බොන්න එන්න බඹරුන්ට
වැටවල් බඳින්න බෑ යාළු

පිපුන මලක සුවඳට ඉස්සරහින් යන්නේ
අපි වගේ සුළං ‍රැල්ලක් යාළු

ගිම්හානය දුරු කරන්න වැස්සෙන් මිසක්
පින්නෙන් පිහිටක් නෑ යාළු...

මගේ මලයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි..
නෑ නෑ නෑ ඒ මගේ මලයි.....

<Harsha & Ranil>

5 Responses so far.

  1. Dinesh says:

    මම මාරම ආස සිංදුවක් මේක..

    97 අවුරුද්දේ විෂුවල් එකක් නේ.. මේකට මේ දෙන්නා වෙන ඔරිජිනල් වර්ෂන් එකක් කලා.. ඒක නැද්ද හොයාගන්න නැද්ද??

  2. මම මේ කල්පනා කලේ මේ සිංදුව කියපු රනිල්ටත් හර්ෂටත් මොකද වුනේ කියල. දැන්නම් දෙන්නම ලංකාවෙ නැතුවා වාගේ.
    මේ දෙන්නගේ මේ ගිය විතරමයි ජනප්‍රිය වුනේ.

  3. See Jay says:

    @Dinesh : කිසිම අදහසක් නෑ යාලු ඔරිජිනල් එක ගැන..මේක අප්ලෝඩ් කරල තියෙන්නෙ හර්ෂ.

    @දයානන්ද රත්නායක : මේ දෙන්නගෙ ඇල්බම් එකක් කලාට ඒක කවුරුවත් ඇහුවද කියලවත් දන්නෙ නෑ..හර්ෂව දකින්නවත් නැහැනෙ දැන්..

  4. YashoK says:

    මම කැමතිම සින්දුවක්..
    ගායකයා විතරක් නෙවේ, පද රචකයයි, ස්වර රචකයයි ගැනත් සටහන් කරන්න.

  5. පද රචනය: ලූෂන් බුලත්සිංහල
    තනුව සහ සංගීතය: හර්ෂ බුලත්සිංහල

Leave a Reply