සිතුම් පැතුම් පොදි ආදරේ
බැඳන් ආවේ
ආයාසයකෙනි 
කියන්න බැරි තරමේ

නිලුපුල් දෙනුවන්
දැක ගන්නයි
සුවැඳැල් මුහුළස
සිප ගන්නයි
සුළැඟිල්ලෙන් ගෙන
ලෙළවන්නයි
සිහිළැල් වදනින්
සැනසෙන්නයි..

ලියගොමු වියළි
මල් පරවි
අතු කොළ වැහැරි
බිම වැටිලා
ඔබ ගිය වග
සරණෙක බැඳිලා
කවුද කියයි
මට කොඳුරාලා...

<Milton Mallawarachchi >


මා දෙස නෙත් නොපියා බලාපු
හිමිහිට බලාපොරොත්තු ගෙනාපු
වැඩිපුර මාත් එක්ක නොවාපු
මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
ඔබ තවමත් ඇය තමයි
මගෙ හිත හදාපු...

හිතුමතේ පාවෙනා
හිත හැදෙයිලු
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද
දුකයිලු...

පපුවට තුරුලුවී හිඳ හඬාපු
ළං වී තොදොල් බස් මට දොඩාපු
හිත ළඟ හීනෙන් නිදි වරාපු
සිහිනෙක සොඳුරු සුවය මට ගෙනාපු
මට තවමත් සුවඳ දෙයි
මලකින් හමාපු....

<Romesh Sugathapala, Lakshan>


ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩසි සඳට
රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා
ර‍ටා මවනවා..

හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු
ආදරයද මේ
හිරු රහසේ කියා දුන්නු
ආදරයද මේ..

නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව ‍රැඳවුන
තොල් පෙති කන් පලදාලන
ආදරයද මේ
නුඹ රහසේ කියාදුන්නු
ආදරයද මේ..

<Amaradewa>




සඳ තරු නිහඬයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

පියා නුවන් යුග
නිවා හැඟුම් සිත
සැතපෙන්නට
වෙර දරන පැයේ
පාළුව තනිකම
කුටියට අවුදින්
හදවත අවදි කලා....

මවා නුවන් ඔබ
ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන්
ගලා ‍රැයේ..
සෙනෙහෙස හඬවා
මතකය ඉකිබිඳ
හදවත අවදි කලා....

<Amaradewa>



ළා දළු බෝ පත්
සෙමින් සැළෙන සේ
යශෝධරා දේවි
වාවනු බැරි තැන
රහසේ හැඬුවා
පෙර සංසාරේ
ඇසුර මතක් වි..

ලේන කුලේ සිට
ආගිය මග තොට
සිටියා නොසැලෙන
පහන් ටැඹක් වී
නිවන් දකින තුරු
මේ සංසාරේ
පසුපස ආවා
සෙවනැල්ලක් වි..

තැලී සෙනේ සිත
සැළී හඬන විට
වැටී දෙපා ළඟ
යශෝධරාවෝ
පිපී නිවන් මල්
සාදුකාර දී
නිවී පහන් විය
උදෑසනක් සේ...

<Karunarathna Diwulgane>


සුළන් කපොල්ලේ
තැනූ කැදෙල්ලේ
කෑලි කැඩි බිඳි වැටේ
නිල් කඳු ‍රැල්ලේ..

කූඩු කැඩී තැන තැන ගිය
පුංචි කිරිල්ලී..
දැන් ඔබ ළඟ සිටී
රුවක් විලස නොසෙල්ලී..
යොදුන් ගණන් ඔබැම සොයා
ආ සිවුමැල්ලි..
පිළිගනු ඈ කොහි යන්නද
නැවත ඉගිල්ලී..

ඇයට මවක් පියකු නොමැත
සිතිජ වළල්ලේ..
කඳුල පමණි
ඇයට උරුම දවස මුලුල්ලේ...
ඔබ තනිකඩ කුරුලු රජෙකි
වෙසෙන නිදැල්ලේ..
ඇයට ලැඟුම් දෙන්න සබඳ
ඔබේ කැදැල්ලේ...

<Nanda Malini>


සංසාරේ ආ ලෙසිනා
ශෘංගාරේ යා කෙරුනා
පිණියායේ සැරිසරනා...
වරු ගානේ කොඳුරමිනා
හිත අස්සේ ඈ ‍රැඳුනා
හිත මානේ පිනි ඉසිනා
නෙතු යායේ ඉඟි වසිනා

රතු දෙතොලක පැහැසර වැදුනා
වතුසුදු මල හද තුල පිපුණා
ඔබෙ සුවදැති මඳ නල වැහිලා පායා
වස්සානේ සේයා
ඇස් මානේ ගාවා
සංසිඳිනා සේමා
පෙම් කෙරුවා ඈ
නෙතු පැටලි ආ දා මාගේ කියා
මල් වාරේ ආව සොයා..

ලැසි ගමනට ආලය හිතිලා
ඇසි පිය යට සෙනෙහස පිරුණා
සඳ පරදන වත මට සිහිවීලා බෝමා
වෙල් තීරේ පීරා
ගිම්හානේ පේනා
ඇස් බැඳුනේ ඈ හා
ළං වෙනවා ඈ..
නෙතු පැටලි ආ දා මාගේ කියා
මල් වාරේ ආවා සොයා....

<Dayasiri Jayasekara>


නැගෙන බිඳෙන
හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු
මා දුටුවා
නොදැනිම වාගෙ
ඒ රුව බොඳ කර
කඳුලක් නෙත
තනියට නැගුනා

මතකද හැම රෑ
පහන් වනතුරා
පැතූ පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි
අප දැන හිටියා

අද නුඹ කොහිදැයි සිත ඇසුවත්....

ඉරණම ලියැවි
අප වෙන් කලදා
දෙගුරුන් හමුවේ
සිත නිහඩයි
නුඹ මියැදෙන බව
දැන දැන සිතකින්

නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්....

මා තුරුලට ගෙන
සුරතල් කරනට
අහිමි උනත් මට
සොඳුරු වරම්
අන්සතු උයනක
නුඹ හිනැහෙනයුරු

දැක තුටු වෙමි නැවතී මෙතෙකින්....


පියාපත් වළාකුළු
සුළන් ‍රැළි සැලීලා
සරුංගල් හිරු එළිය
මුහුදු හඬ වෙලීලා
නිදහසේ
මහෝඝය මැවීලා
හිනාවෙයි ගල ගලා
ගලා යයි හිනැහිලා
පවුරු දොර විවරයෙන් පැනලා

නිදහසට යා නොහැකි
කො‍ටු පවුර මුදුනේ
අලි ඇතුන් මුර කරන
ගොර සපුන් විමනේ
ජිවිතේ මී බඳුන ‍රැඳුනේ
වංගගිරි මාවතේ
සොයා ගිය ජීවිතේ
මළකඳයි නිදහසයි
මගදි මුණ ගැසුනේ

ජීවිතය කියන්නේ
මරණයේ මාවතයි
නිදහසයි කියන්නේ
මාවතේ ගීතයයි

<Gunadasa Kapuge>



එපා යලි හමුවන්න
ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ
වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක
පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද
අරන් ඈතට යන්න


සන්සාර ගමන් මග 
සෙනෙහස සොයා දිනක 
ආ ගමන නිමා කල 
ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන 
කදුලු බිදුවක පහස
ගලායයි අතීතේ 
මියඇදුනු සොහොන ලග

ඔබ මවෙත තිළිණ කල 
ඔබේ බැතිබර සුවද
මගේ මතකය වසා 
සදාකල් රැදෙනු ඇත
සන්සාරයේ යලිදු 
නවාතැන් සොයායන
මගේ මලගම දාට 
ඇවිත් යන්නට එන්න

<Sunil Edirisinghe>


හුදකලා වූ
පෙම්වතාණෙනි කියන්න
තාරුන්‍යයේ කඩඉමත් පසුවී
ඔබ ඔතැනමද
මම මෙතැනමද
හැමදාම.....

දියරළ පෙළකි ඇස
කඳුළු හිත දවනා
මහා සමුදුරක කිමිදී
සෙනෙහෙ පුරනා
‍රැයක් දවාලක් නොබලා
ඔබම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණෙනී...

සඳු හිරු මැදට
සිරවී තැවුල් විඳිනා
ඔබ අද එතැයි
හෙට එතැයි දින ගනිනා
තැනක් නිනව්වක් නැතුවා
ඔබම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණෙනී...

<Deepika Priyadarshani>



බඹරෙකු හැඬුවා
මලක් ළඟදි බඹරෙකු හැඬුවා
ඇහේ කඳුළු ඇති
ඒ බඹරිඳු දැක
හඬන්නේ ඇයිදෝ
මල ඇසුවා..

ළන්ඳ එහා ඇති
ඕවිට පාමුල
කේතකි මල මට බහ දුන්නා
කවුදෝ ඇවිදින්
එමල නෙලු බව
ඉකිබිඳිමින් බඹරිඳු කීවා..

ඇහේ කඳුළු නොව
හිතේ කඳුළු දැක
ඇයටත් හරියට දුක හිතුනා
එහෙනම් මා වෙත
පියඹා එන්නයි
සෙනෙහෙ සිතින් ඒ මල කීවා..

<Neranjala Sarojini, Abewardana Balasuriya>


දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
රහසින් එයි හැඟුමන් මතුවී හදේ
නෙතගින් පෑ විසිරී උනුහුම ‍රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
යළි කිසිදා නොලියූ මේ ආදරේ...

බලා හිදින් හදින්
සදා නොයන් ලඟින්
නෙතේ වෙලී
හදේ ඇදෙන් ළඳේ...

දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
රහසින් එයි හැඟුමන් මතුවී හදේ
නෙතගින් පෑ විසිරී උනුහුම ‍රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
යළි කිසිදා නොලියූ අපෙ ආදරේ...

පැතූ පැතුම් ඔබෙන්
සදා විදිම් සුවෙන්
අතේ වෙලී ලගින්
‍රැ‍ඳෙන් මගේ

දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
රහසින් එයි හැඟුමන් මතුවී හදේ
නෙතගින් පෑ විසිරී උනුහුම ‍රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
යළි කිසිදා නොලියූ මේ ආදරේ...

 රම්බරි සින්දුවෙන් මෙලො රහක් නැති ගායකයෙක් විදියට එළියට ඇවිත් ළබැඳියේ සින්දුව කියනකොට මට ඇත්තටම හිතුන ලහිරු කියන්නේ රහක් තියෙන මනුස්සයෙක් කියල, මේ සින්දුවෙන් ඒක හොඳටම ඔප්පු වෙනව... මටනම් මේ සින්දුවේ පද රචනය  තනුව ගායනය කියන කිසි දෙයක් වැදගත් නෑ... මේකෙ මාතෘකාව, මේ කතා කරන්න හදන දේ තමා වටින්නේ..කපුගේ, අමරදේව, අමරසිරි පීරිස් වගේ අය කතා කලාට අලුත් පරම්පරවේ කොල්ලෙක් මේ වගේ සින්දුවක් ‍තෝරගත්ත එකම වටිනව...

<Lahiru Perera>


දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමුවුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ..

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හස‍රැල් තරංගේ උල්පතයි...

<Victor Rathnayaka>


සංසාර සාගරේ
ජීවිතේ යාත්‍රාව 
ඔබ සොයා පදවන්නෙමි
ඔබ නිසා පදවන්නෙමි

ප්‍රදීපාගරයක
ආලෝක වළල්ලක් එවාලා
ඔබ සිටින ගොඩබිමෙහි
මං ලකුණු දන්වන්න
නැංගුරම්ලන තැනක
පෙනෙන සේ ඔබ ඉන්න..

වෙරළ දෙස සැපත් මා
දෝත පා පිළිගන්න සිනාසී
දුර්ගවූ ගමන් මග
විඩා ගිනි දුරලන්න
යාත්‍රාව පදවන්න
මා සමග එක් වන්න...

<Nanda Malini>


සඳ කැන් වැසිලා
අඳුරේ එතිලා
ඝනදුරු රෑ
තනිකම නෑ
සොයා එන්න
ඝනදුර තරු  නිවලා
මගේ එළිය අද ඔබ පමනී

ජීවිතයම සතු එකම සුවේ
හීසර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මාසතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ

මා නැත අන්සතු සිත් බිදලා
දෑතම බැදගෙන ඉදිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

<Victor Rathnayaka>


මේ මල් යායේ
මා හා එක් වීලා
ඈ පෑ සිනා ළං වෙලා
රෑ තරු වාගේ
නිවුනා මැලවීලා
මා දෑසේ දී වේදනා...

මා දෑතේ වෙලීලා එදා
රෑ සීතේ සඳපානේ පිය නැගුවා
ඒ ඡායා සිහිනේ යාවි
ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා..

සෝ ගීතේ සවනේ යාවී
මා ලෝකේ තනිවූ සේ මට දැනුනා
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා...

<Edward Jayakody>


කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
කවදා තනි වන්නේ...

බිඳුනු සෙනෙහෙ දළු ලියලා විත්
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ වී විඩාවෙන්
දුර එනතුරු දොරකඩ ‍රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
කවදා තනි වන්නේ...

දෙපය දොවා පිණි දිය දෝරේ
ප්‍රිය බිරිඳක වූදා නේද අගේ
මා හිස සිඹ දොඩලා කතන්දර
රසමසවුළු සුවදෙහි තුඩ තබන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
කවදා තනි වන්නේ...

<Neranjala Sarojini>



අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි.. ඔබ අනන්තයි..

වෙණ තතක් හැඬවෙන තැනක් ඔබ
මධුවිතක් උතුරන තැනක් ඔබ
තෙලිතුඩක් දැවටෙන තැනක් ඔබ
පන්හිදක් ගැවසෙන තැනක් ඔබ..

අඩ සඳක් සැඟවෙන තැනක් ඔබ
රළ පෙළක් පෙරෙළෙන තැනක් ඔබ
සිසිලසක් දනවන තැනක් ඔබ
උණුසුමක් ගෙන දෙන තැනක් ඔබ..

<Nanda Malini>


ඔබෙ දෙතොල් පෙති ලිහී
පිපුනු හසරැල් විලේ
හද දියඹ ගලායයි
රැලි ළමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිදි
තුන් සිතම සලිතවේ

සසර සැරි සරන තෙක්
ඔබ මගේ...

හිරු නිවී මුහුදු තෙර
රාත්‍රිය එළබිලා
තරු කඩා වැටෙන විට
අහස් ගඟ කළබලා
මට බලා ඉන්න බෑ
ඔබෙ නුවන් පෙනෙනවා

සසර සැරි සරන තෙක්
ඔබ මගේ...

නා ගසක් දළුදමා
වසන්තය එලබිලා
මද පවන් රැල් වැදී
සැලෙන විට කැළබිලා
මට බලා ඉන්න බෑ
දෙතොල් ඔබෙ පෙනෙනවා

සසර සැරි සරන තෙක්
ඔබ මගේ...

යුග ගනන් පැමිනි මග
පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය
ලකුනු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ
පෙර ඇසුර හැ‍ඟෙනවා

සසර සැරි සරන තෙක්
ඔබ මගේ...

අහස්තල පොලෝතල
ඔබට මට පොදුවෙලා
හදවතින් එක්වුනත්
ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ
සියොළගම තැවේනවා

සසර සැරි සරන තෙක්
ඔබ මගේ... ඔබ මගේ...

<Victor Rathnayaka>



සැනසුම් සුසුමන් පාවීලා
සඳකැන් වතුරෙන් නෑවිලා
තරුමල් අතරින් රිංගාලා
කොහි යන්නෙද මා තනි කරලා

රෑ සඳ පානේ සීතල පවනේ
නාමල් අරණේ ළා දළු සෙවනේ
මා ළය කර ඔබගේ සුව යහනේ
ගෙවූ අතීතය මතකද මිහිරේ

දෑසට පෙනෙනා එකම රුවක් වෙයි
ඒ රුව මා නෙත් අංජනයයි
ජීවන ගීතේ තනුව වයන්නෙමි
ඈ එනතුරු මා තනිවීලා

<T.M.Jayarathna>



එකෝමත එක කාලෙක
නබෝ ගැබ රන් ශ්වෙත වළා
පළිඟු ගං දියේ වැටෙන තුරා
සෙල් රූ මෙන් ගල් බංකුවේ සිටියා
ගඟ අසබඩ ඒ හැන්දෑවේ
මතකද අපි දෙන්නා...

අඳුරු වන ගුහාවේ යන ගිලී
විහඟ අත්ත‍ටු රිදී රේඛාවේ
දෑස සඟවා හිටියා
ගඟ අසබඩ ඒ හැන්දෑවේ
මතකද අපි දෙන්නා..

පෙඳ පාසි බි‍ඳෙනා ගං දියේ
අඳුර මකනා සැඳෑ එළියේ
දෑස සඟවා හිටියා
ගඟ අසබඩ ඒ හැන්දෑවේ
මතකද අපි දෙන්නා..

<Nadeeka Guruge>


පාවෙලා යන්න
මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න
මොහොතක් තනිව ඉන්න
ජීවිතේ පුරා පැතූ
සිහින බොඳ වෙන්න
පෙර ඔබ එන්න...

ආදරේ ගලා හැලෙනා
දිය ඇල්ල ඔබ වෙන්න
මා දවා ඒ ආදරේ
උනුහුම සොයා යන්න
මතකයක් පමනයි
ඉතිරි වී ඇත්තේ

<Kasun Kalhara>


ආදරයේ වේදනාව
හදට දැනුනු යම් දවසක
හුදකලාව නොතැවී යලි
එන්න මා සොයා...

දේදුනු පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා
‍රැජින පලා ගිය මොහොතක
නොතැවී යලි ඈ සිහිකර
එන්න මා‍ සොයා

ජීවිතයට මිහිර තැවුල
ඔබ තුරුලට ලංවූදා
නොතැවී හිද තනියහනේ
මතක සුලං රොදක එතී
එන්න මා‍ සොයා

මෙච්චර ආදරයක් ලබන්න කොච්චර වාසනවක් තියෙන්න ඕනද මනුස්සයකුට... පුදුම තරම් ලස්සන ආදරයක්.

<Nanda Malini>



තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නගා යමු ඈත ලොවකට
නිවා ලතැවුල් ජීවිතේ.

හිරු සඳූට හා ලොවට රහසින්
සදා ගමු අපි පුංචි ලෝකය
දුකට කඳුළට පවුරු බඳිමින්
පෙමින් සරසමු එවන් ලෝකය.

ඔබේ දෙනයන කැළුම් ඇත මට
එළිය වන්නට මගේ ලෝකය
ඔබේ සිහිලැල් සුවැති සෙවණින්
නිවී සැනහෙයි මගේ ජීවය

<Sunil Edirisinghe, Malani Bulathsinghala>


සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ
රෝස කුසුමේ
සිහිනයෙන් සිහිනේ
කෝ කොහේදෝ
මා සොයන්නී
ආදරේ දුන්නේ
හමුවෙමු කවදා හෝ ආයේ
හිනැහෙමු තරහා නෑ වාගේ
මේ සැඳෑවේ කෝ කොහෙදෝ
මා සොයන්නී

<Athula Adhikari>


සියල්ල ඉදිරී ගරා වැ‍ටුන දා
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
දැන හඳුනාගත් තනිකම නුඹටත්
මා හැර යන්නට සිදු වෙයි නැවතත්

ප්‍රේමතාපයෙන් පර මල් යහනට
තවත් ළඳක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා ‍රැකගත් තනිකම
මා නුඹ එලවන්නෙද කෙලෙසේ

ඇය හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ළඳක් නිසා
හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා...

<Sunil Edirisinghe>


රුවල් ඉරීගිය නෞකාවේ
නියමුවාණෙනි.....
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකිය
ගොඩබිමකට
රුවල් ඉරීගිය නෞකාවේ

දෝතට එක් කල
වැසි දිය පොවමින් පවසට
ඉරුනු රුවල් රෙදි
දවටා සදමින් උණුසුම
මා ‍රැකගත් ඔබ
රැක ගත යුතු වේඅද දින
දියඹේ නවතිමි
යනුමැන පෙරමග තනිවම...

සුන්බුන් නැවු බඳ
දියබත් වී යයි හිමිහිට
අත්හල මැන දැන්
මෙතුවක් මට බැඳි සෙනෙහස
දෑස පියාගෙන
මා බිළිදී දිය ගැඹරට
ගැලවී යනු මැන
මේ විපතින් සිත දැඩිකොට

<Nanda Malini>



දෙනෝදහක්
ගැවසෙන සරසවියේ
පාළුව තනිකම
දැනෙනවනම්
කුටියේ කවුළුව
විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්..

ඔබ සරසවියක
මා පොඩි ගෙපැලක
එක් වන්නට අද වරම් නැතේ
එකම පන්තියේ
එක ළඟ ඉඳගෙන
පාසල් ගිය හැටි මතක තියේ...

ඔබ හා අත්වැල්
බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසල් සමයේ
සිල්ප සතර
‍රැඳුනේ නෑ මා සිත
ඒ හින්දයි අප දුරස් උනේ

<Milton Mallawarachchi>




මල සරසාගෙන
මල් නැලවෙනකොට
ඒ මල දු‍ටුවේ මලයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...

මල වටකරගෙන
මල් හිනැහෙනවිට
ඒ ළඟ හිටියේ මමයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...

පියගැට මුදුනින්
පි‍ටුපා යනකොට
ආපහු හැරී බලා
හිනැහුනේ මටයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...

උඩ මහ මළුවෙන්
වැඳගෙන එනවිට
යන්නට ඉඩ හැරලා
අත වැනුවෙ මටයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි...

තර‍ඟෙට අපි උරුම හරුමකම් කීවට
කැලේ පිපෙන්නෙ එක මලද යාළු

කැලේ පිපෙන මල් වලින් රොන් බොන්න එන්න බඹරුන්ට
වැටවල් බඳින්න බෑ යාළු

පිපුන මලක සුවඳට ඉස්සරහින් යන්නේ
අපි වගේ සුළං ‍රැල්ලක් යාළු

ගිම්හානය දුරු කරන්න වැස්සෙන් මිසක්
පින්නෙන් පිහිටක් නෑ යාළු...

මගේ මලයි
හිමිකාරයා මමයි
ඒ මගේ මලයි..
නෑ නෑ නෑ ඒ මගේ මලයි.....

<Harsha & Ranil>


මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි

සඳ සෙවනේ අපි
තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ තාරකාවී...
අඳුරෙන් වැසී ගියේ...

සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරෙන් ලෝකය වැසිලා
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ ආයෙ එන්නේ
වෙනදා වගේ සදා...

<Senanayaka Weraliyadda>



දෙකොපුල් කඳුලින් තෙමා
තොල්පෙති නලලත තබා
නික්මුන දා
හිස සිඹ මා
ලතැවෙමි රෑ තුන්යමේ..
සුහදිනියේ..

මින් පෙරදි අපි මේ වගේ
වෙන්වී යන්නට ඇතී
මේ කඳුලු ගංඟා ඉමේ
කොතැනක හෝ
මගෙ දෙනෙත් ඉකිබිඳී
ඔබෙ දෙනෙත් යලි යලි සොයයි
අප පතා අවා වගේ වෙන්වී යයී
ඔබෙ පපුතුරේ මා හිඳී
මගෙ පපුතුරේ ඔබ හිඳී
ළං වෙන්න වෙන්නෙනම් නෑ
සුහදිනියේ....

සුදු සිනිඳු මල් පෙති වගේ
ගිලිහී යන්නට ඇතී
මුදු සුවඳ විඳිනා ඉමේ
කොතැන පිපී
හමුවීම ප්‍රේමය නොවේ
වෙන්වීම ප්‍රේමය වඩයි
අපි පතා අවා වගේ වෙන් වී යයී
ඔබෙ සිහින වල මා හිඳී
මගෙ සිහින වල ඔබ හිඳී
එය පියවි ලෝකය නොවේ
සුහදිනියේ...


<Lahiru Perera>


මිහි‍රැති වසන්ත කාලේ...
කිම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන් වී
තනි වී වේදනාවේ

සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතවෙයි රැඳී නිදැල්ලේ
මිහිරක් කොහෙද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

දාහය ගතේ වෙලීලා
කඳුලැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා ඒ
සොයමින් ගෙවූ අතීතේ
සෙනහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමාවූ




සතිෂ් පෙරේරා කලාකරුවාට නිවන් සුව පතමු.....!!!!





ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
ඔබෙන් තොර හීනයක්
ඔබෙන් තොර මාවතක්
ඔබෙන් තොර ගීතයක්
කොයින්දෝ....

දකින හැම රූපයම
ඔබේ රුව සේ පෙනෙ
අසන හැම ගීයකම
ඔබේ කටහඬ ඇසේ..

සිහිනයෙන් සිහිනයට
ඔබයි සැරිසරන්නේ
ඇසිපියෙන් ඇසිපියට
ඔබ පමණි සිටින්නේ...

<Abewardana Balasuriya>



ඇය හෙමින් විත් එදා
මගේ හද අරන් ගියා
එය ‍රැගෙන එයි සිතා
මම හිඳිමි මඟ බලා...

මකරන්දයෙන් තෙමි
මල් රේණු සැලි සැලි
ඇත පවන සිසාරා
ඇගෙ පහස පතාලා..

තණපත් වලින් මිදී
උඳුපියලියා පෙති
දෙපතුල් පහස සොයා
ඇගෙ පෙරමගම හිඳී..

<Kasun Kalhara>


 සරා සිහින රහසේ
දිවුරා කියා
හිතේ කඳුළු පහසේ
මැවුනා සිනා
ඔහේ ඇවිද මා හා
හද සිතුවිලි විල කළඹා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් ‍රැඳිලා
සරා සිහින රහසේ දිවුරා කියා.....

සිත කඳුළැල්ලෙහි තවරා
කළුවර රස කර වින්ඳා
සඳ සෙවනැල්ලක හැංඟී
මගෙ ඇස් තනිකර තෙමුනා
එසේ කඳුළු ගැලු ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ..

තනි හදකින් හඬ දෙදරා
හරි ආදරයක් හින්දා
යළි කවදාවත් නොවෙනා
මහ සාගරයක හැඬුවා
එසේ කඳුළු ගැලු ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ..

<BNS>


පෙරදා
මහ ‍රැ
මා සිහිළැල් උර මඬලේ
මුහුන හොවාගෙන
ළසොවින් වැළපුන
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුලක කැළලක් ඉතිරි වෙලා....

උරහිස තැවරී
වියළුනු කඳුලින්
ඔබගේ සුනරුත්
පැතුමක ගිනි ඇත
සදා දැවෙන්නෙමි
ඒ ගින්නෙන්.....

ඔබ හට පෙම්
කල යුගය නිමාකර
වෙන් වී යන්නට
දවස පැමින ඇත
සමාව දෙන් මට
සෙනෙහෙ සිතින්......

<Nanda Malini>




කවිය ඔබ
තුන් තිස් පැයක්
නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන්
තවම නොලියු
කවිය ඔබ...

පද එකින් එක  ලියවා
සිත කුරු‍ටු ගා මැකුවා
ඔබ ලියු කවි කියවා
මා අසරණව උන්නා
යෞවනේ.....
තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකි ගසා හැඬුවා

හොර ඇහෙන් ඉඟි කරලා
සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩිකරදා
නිදියන්න මට හිතුනා
යෞවනේ.....
අත ළඟින් හිඳිනා මොහොතක
දුර ඈත බව දැණුනා....

<Deepika Priyadarshani>



මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න..

ප්‍රේමයේ රස කල්පනා
හදවතේ තව මවා දෙන්න
නැවුම් සඳක් වී මල් මාවතේ
මුතු සලා ඔබ සිනාසෙන්න..

මා නෙතේ සුව සිහිනයේ
මේ ලෙසේ ඔබ ‍රැඳී ඉන්න
පවන් රොදක් සේ  මා  ළඟ වෙලී
ජීවිතේ දුක නිවාලන්න..

<Sunil Edirisinghe>



දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින්
දල්වමි ඔබෙ නුවන් පහන් සදා ඉතින්
ලෝකයෙන් ළඟා වෙනා අනේක වූ රිදුම්
මාරුතේ හොවන්නෙමි ප්‍රියේ ඔබේ නමින්

මල් උයන් දැවු කුණා‍ටුවෙන් පවා මිදී
බලන්න මේ, බලන්න මේ
අපේ පැතුම් පිපී

ජීවිතේ පෙමින් අරන් එමි
ඔව් ඔබේ නමින් පළන්දමි

දුකයි මේ රුදු අගාධේ
මැවෙයි මේ රන් විමානේ
ඔබයි ගැයෙනා ප්‍රගීතේ
මම උනුහුම සුසීතේ

රෑ සඳේ රන් දහරින් සරසම්
සාගරේ මුතු ‍රැල්ලෙන් එලවම්
හීනයෙන් මිදේය පෙම් දම්
මීවිතක්ය ජීවිතේ අපේ...


ජීවිතේ පෙමින් අරන් එමි
ඔව් ඔබේ නමින් පළන්දමි

<Kithsiri Jayasekara>


කාලය නම්
වෙද ඇදුරුතුමාණනි
ළඟා වෙනු මැනවි
ප්‍රේමයෙන් ගිනිගත්
මා හදවත සුවපත් කල මැනවි

ඔහු අතගෙන ඇය
මගෙන් වෙන් වුවත්
මතකය තවමත්
පිරුණ ආදරේ
දහස් වාරයක්
මනස ලැගුම් දෙන
ඒ ප්‍රේමයෙන් මා
මුදා ගනු මැනවි

මතු කවදාවත්
පෙම් නොකරන්නට
කාලය ඔබ හා
ගිවිසා ගන්නම්
දිනෙන් දින සිත
සුසුම් මවාලන
ඒ වේදනාවෙන්
මුදා හල මැනවි

<Gunadasa Kapuge>



සීතල පිණි බින්දු බින්දු
රෑ තරු මත ‍රැන්දු ‍රැන්දු
ඇගේ නුවන් තෙමී 
කැළුම් පාවේ
ආදර සුව සිහින කැන්දු
මීවිත මුව ‍රැන්දු ‍රැන්දු
මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ...

පීදෙන සඳ රේණු පාවි
මේ මාවත සුවඳ දේවි
සොඳුර ඔබෙයි මගෙයි
සිතැඟියාවේ..
මේ රෑ නැඟි ‍රැහැයි ගීත
තනි වී සවනේ ‍රැඳේවි
ඔබ මා වෙත ‍රැඳී ඉන්න
සිහින ලතාවේ..

රෑ කල යහනේ ‍රැඳේවි
මා හා තනියට හිඳීවි
නිබඳ මගේ සිතේ
තනිය පාවේ
ඔබ මා ගැයු ප්‍රේම ගීත
ගොළු වී දෙහදේ ‍රැඳේවි
යළි මා වෙත ළඟා වන්න
හංස ලතාවේ....

<Victor Rathnayaka>




ගඟුලක් වගේ ඇවිත්
කඳුළක් සේම නික්ම යන්න
මා ළඟින්
හිතටත් රිදෙයි
සුසුමක් නැගෙයි
එනමුදු අතැර යන්න
මගේ මුදු වදන්...

පාවෙන වළා බිඳක් සේ
වත දැවටෙන්න මුණිවතින්
අනුකම්පා නැති සිතකින්
ඔබ යන්න ඉතින්
සැඩ රළ බි‍ඳෙන වෙරළගින්

එළිවෙන උදාගිරක් සේ
හිත දැවටෙන්න පෙරඹරින්
වත්සුණු නොමැති කොපුලකින්
සිප සනසන්න ඉතින්
මල් පෙති නොසැලෙන විලසින්

<Kithsiri Jayasekara>



හන්තානේ කඳු දණ ඇන නමදින
සිරි දළඳා හාමුදුරුවනේ
ඔබ වහන්සේ ළඟ ඉගෙන ගන්න ගිය
මගෙ දරුවා හාමුදුරුවනේ
පිරුවට අන්ඳා ඇස් දෙක පියවා
ගෙන ආවලු හාමුදුරුවනේ
දළඳා නාමෙට උත්තර දෙනවද
මතු බුදු වෙන හාමුදුරුවනේ...

ඇඳුරිඳුනේ මේ සැතපෙන දරුවා
ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ
වනන්තරේ වැදි සෙනගට අසු වුන
මරු වැල පෑගුන කෙනෙකුන්දෝ
මේ මගේ පුතු බව අදහනු කෙලෙසද
ලෙඩකින් දුකකින් නැත පෙළුනේ
දහඩිය විකුනන හොර මැර නැති අප
අකල් මරණ ගැන නැත දන්නේ..

කාලය දීපය දේශය දන්නා
මතු බුදුවන හාමුදුරුවනේ
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු
හමුවුන නැති බව නැත දන්නේ
තුවාල සුදු රෙදි පටින් වසාගෙන
උඩුකුරු වී මේ සැතපෙන්නේ
ඒ දස ධර්මයේ ගුණ කඳ නොවේද
කියන්න දැන්වත් ඇඳුරිදුනේ....


මේ සින්දුව ගැන ලස්සන විස්තරයක් තියෙනව මෙන්න මේ ලිපියේ.ධර්මපාල නම් පියෙකුගේ ප්‍රකාශය!

 <Gunadasa Kapuge>


සයුරක් නොදු‍ටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ

කඳුළක් නොසැලු නෙතකින්
හස‍රැල් සොයන්න එපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්න එපා

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්න එපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්න එපා

<Sunil Edirisinghe>


ළඳුනේ
ඔබේ දෑස
දැක ගත්තෙමි
සැදෑ කලෙක
ළඳුනේ

දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මනිනා
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එළියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ

<Amarasiri Peiris>


රෑ දුරු රට මේ
හිම වරුසා සීත පාළුවේ
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ..
කල්පනා ලෝකෙන් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ..
දෑත වෙන් වී
පෙම් විහඟුන්
සිහින තො‍ටුපලේ
රාත්‍රි යාමේ


<Amaradewa>


තරුමල් යායම
පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි
ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ

දුක පෑවසුවෙමි
අසනා කෙනෙක් නැති
පාලු නෑසුවෙමි
තනියට කෙනෙක් නැති
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළදක් වෙත
පෙම් කල උමතුවෙනි

නුවර උයන් මැද
හමුවු ළදුන් නැති
යටසින් බැලු නෙත්
රහසින් කතා නැති
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළදක් වෙත
පෙම් කල උමතුවෙනි

<Gunadasa Kapuge>



ඔබ මා හමුවුන
මේ ඉරහඳ යට
කොතැනක හිටියත්
මා මල දවසට
මගෙ ළඟ තනියට
ඉනු මැනවි...

ඔබ සිත මා සිත
හමුවූ දා සිට
මා ළය පීදී
පරවූ පෙම් මල
සිතින් තුරුළු කර
මා මල දවසට
මගෙ ළඟ තනියට
ඉනු මැනවි

කඳුල සුසුම
නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත
පියමන් කල සැටි
සිතින් දරාගෙන
මා මල දවසට
මගෙ ළඟ තනියට
ඉනු මැනවි

<Karunarathna Diwulgane>



දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ

නුවර වීදි යටකරගෙන
නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ...

කොළඹ අහස කළු කරගෙන
මුහුදු හුළඟ අඬලනකොට
ඔ‍ටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු
ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ....

සින්දුවක් අහල රසවිඳින්න පටන් ගත්ත දවසේ ඉඳලම මගේ කැමතිම ගායකයා උනේ කපුගේ.., අදටත් කපුගේගෙ සින්දුවක් අහන්නේ නැතුව ඉන්න දවසක් නැතුව ඇති..කපුගේ නැති වෙලා අදට අවුරුදු 9 යි. මේ පෝස්ට් එක කපුගේ වෙනුවෙන්...

ආදරණීය කපුගේ..ඔබට නිවන් සුව...!