ළා දළු බෝ පත්
සෙමින් සැළෙන සේ
යශෝධරා දේවි
වාවනු බැරි තැන
රහසේ හැඬුවා
පෙර සංසාරේ
ඇසුර මතක් වි..
ලේන කුලේ සිට
ආගිය මග තොට
සිටියා නොසැලෙන
පහන් ටැඹක් වී
නිවන් දකින තුරු
මේ සංසාරේ
පසුපස ආවා
සෙවනැල්ලක් වි..
තැලී සෙනේ සිත
සැළී හඬන විට
වැටී දෙපා ළඟ
යශෝධරාවෝ
පිපී නිවන් මල්
සාදුකාර දී
නිවී පහන් විය
උදෑසනක් සේ...
<Karunarathna Diwulgane>
පිළිතුරු තැපෑලෙන්
6 months ago
ලේන කුලේ සිට
ආගිය මග තොට
සිටියා නොසැලෙන
පහන් ටැඹක් වී
කොච්චර ලස්සන වචන ටිකක්ද
මෙහෙම ගීත අද කෝ ඇහෙනව. මුළු දවසක් දෑස පියාගෙන අහන් ඉන්න පුළුවන්.
හැම ගැහැණියක් ඇතුළෙම යසෝධරාවක් වෙන්න පෙරුම් පුරන හිතක් තියෙනවා ? නමුත් කීයෙන් ? ඒ පාරමිතාවන් සපුරා ගන්නේ ?
සිත නිිවන ගීතයක්.
http://manasindiviyata.blogspot.com/