ළා දළු බෝ පත්
සෙමින් සැළෙන සේ
යශෝධරා දේවි
වාවනු බැරි තැන
රහසේ හැඬුවා
පෙර සංසාරේ
ඇසුර මතක් වි..

ලේන කුලේ සිට
ආගිය මග තොට
සිටියා නොසැලෙන
පහන් ටැඹක් වී
නිවන් දකින තුරු
මේ සංසාරේ
පසුපස ආවා
සෙවනැල්ලක් වි..

තැලී සෙනේ සිත
සැළී හඬන විට
වැටී දෙපා ළඟ
යශෝධරාවෝ
පිපී නිවන් මල්
සාදුකාර දී
නිවී පහන් විය
උදෑසනක් සේ...

<Karunarathna Diwulgane>


සුළන් කපොල්ලේ
තැනූ කැදෙල්ලේ
කෑලි කැඩි බිඳි වැටේ
නිල් කඳු ‍රැල්ලේ..

කූඩු කැඩී තැන තැන ගිය
පුංචි කිරිල්ලී..
දැන් ඔබ ළඟ සිටී
රුවක් විලස නොසෙල්ලී..
යොදුන් ගණන් ඔබැම සොයා
ආ සිවුමැල්ලි..
පිළිගනු ඈ කොහි යන්නද
නැවත ඉගිල්ලී..

ඇයට මවක් පියකු නොමැත
සිතිජ වළල්ලේ..
කඳුල පමණි
ඇයට උරුම දවස මුලුල්ලේ...
ඔබ තනිකඩ කුරුලු රජෙකි
වෙසෙන නිදැල්ලේ..
ඇයට ලැඟුම් දෙන්න සබඳ
ඔබේ කැදැල්ලේ...

<Nanda Malini>