ඔබ මා හමුවුන
මේ ඉරහඳ යට
කොතැනක හිටියත්
මා මල දවසට
මගෙ ළඟ තනියට
ඉනු මැනවි...
ඔබ සිත මා සිත
හමුවූ දා සිට
මා ළය පීදී
පරවූ පෙම් මල
සිතින් තුරුළු කර
මා මල දවසට
මගෙ ළඟ තනියට
ඉනු මැනවි
කඳුල සුසුම
නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත
පියමන් කල සැටි
සිතින් දරාගෙන
මා මල දවසට
මගෙ ළඟ තනියට
ඉනු මැනවි
<Karunarathna Diwulgane>
පිළිතුරු තැපෑලෙන්
6 months ago
one of my favorites
"ඔබ මා හමුවුන
මේ ඉරහඳ යට
කොතැනක හිටියත්
මා මල දවසට
මගෙ ළඟ තනියට
ඉනු මැනවි..."
ඊටත් වඩා හොඳයි මැරෙන්න මොහොතකට කලින් හරි එනවා නම්.
Thank you
මමත් කියන්නේ එනවනම් මැරෙන්න කලින් එන්න...මැරුනට පස්සෙනම් එන්න එපා කීයටවත්...කියල
මේ සිංදු ඇහෙන වෙලාවට ඔන්න කපුගේගෙ කිරට මිරිසට හදපු සිංදු අතරින් "කිරට" හදපු සිංදු මතක්වෙනවා.
පපුව සීතල වෙන මෙලඩියක් දිවුල්ගනේත් මේ මෙලඩියෙන් උපරිම කියනවා
අහගෙන අඩන්න පුළුවන් සින්දුවක් මටනම්:-/
එක්කෙනෙක් මට මෙ සින්දුව ලියලා දුන්නා අපි වෙන්වෙමු කියලා. එත් එදා අපි වෙන්වුනෙ නැහැ. එත් එදා දැනුන දුක අදටත් දැනෙනවා මෙ සින්දුව අහද්දි....