දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින්
දල්වමි ඔබෙ නුවන් පහන් සදා ඉතින්
ලෝකයෙන් ළඟා වෙනා අනේක වූ රිදුම්
මාරුතේ හොවන්නෙමි ප්‍රියේ ඔබේ නමින්

මල් උයන් දැවු කුණා‍ටුවෙන් පවා මිදී
බලන්න මේ, බලන්න මේ
අපේ පැතුම් පිපී

ජීවිතේ පෙමින් අරන් එමි
ඔව් ඔබේ නමින් පළන්දමි

දුකයි මේ රුදු අගාධේ
මැවෙයි මේ රන් විමානේ
ඔබයි ගැයෙනා ප්‍රගීතේ
මම උනුහුම සුසීතේ

රෑ සඳේ රන් දහරින් සරසම්
සාගරේ මුතු ‍රැල්ලෙන් එලවම්
හීනයෙන් මිදේය පෙම් දම්
මීවිතක්ය ජීවිතේ අපේ...


ජීවිතේ පෙමින් අරන් එමි
ඔව් ඔබේ නමින් පළන්දමි

<Kithsiri Jayasekara>


3 Responses so far.

  1. කිත්සිරි ජයසේකර ගැයූ මනරම් ගියක්. මේ ගිය සහ තවත් ගි කිපයක්ම තියෙනවා ඔහුගෙ හඬ පරාසය විදහා දක්වන.

  2. ලස්සන සිංදුවකි...

  3. Anonymous says:

    ලස්සන සින්දුවක්

Leave a Reply