සියල්ල ඉදිරී ගරා වැටුන දා
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
දැන හඳුනාගත් තනිකම නුඹටත්
මා හැර යන්නට සිදු වෙයි නැවතත්
ප්‍රේමතාපයෙන් පර මල් යහනට
තවත් ළඳක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
මා නුඹ එලවන්නෙද කෙලෙසේ
ඇය හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ළඳක් නිසා
හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා...
<Sunil Edirisinghe>
පිළිතුරු තැපෑලෙන්
6 months ago
//ඇය හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ළඳක් නිසා//
හැම කාන්තාවක්ම මේ වගේ නැහැ.ඒත් ලෝකය බොහෝ දේවල් දිහා බලන්නෙ රාමුගත වෙලා.
ලස්සන සින්දුවක්, අදමයි ඇහුවේ... ස්තුතියි ලිව්වට...
මේගියත් අසූව දශකයේ සුනිල්ගේ පළමු හෝ දෙවන කැසට් පටයට ඇතුළත් වූ ගියනක්. ප්‍රේමකිර්ති, එච්.එම්.,සුනිල්, සුසංයෝගයේ ඹධුර ඵලයක්. සුපිරි විරහ ගියක්.
@වර්ෂා : ඇත්ත හැම කාන්තාවම ඒ වගේ නෑ. හැබැයි මේ සින්දුවෙදි ඒ වචන ටික පාවිච්චි වෙලා තියෙන්නෙ ඊට වඩා ගැඹුරු තේරුමකින් කියල මට හිතෙන්නේ.
@හිතුමතේ : බොහොම ස්තූතියි කිවුවා....:)
@දයානන්ද රත්නායක : සුපිරි විරහ ගීයක් කියන එකනම් සහතික ඇත්ත...
thanks for your post