සැනසුම් සුසුමන් පාවීලා
සඳකැන් වතුරෙන් නෑවිලා
තරුමල් අතරින් රිංගාලා
කොහි යන්නෙද මා තනි කරලා
රෑ සඳ පානේ සීතල පවනේ
නාමල් අරණේ ළා දළු සෙවනේ
මා ළය කර ඔබගේ සුව යහනේ
ගෙවූ අතීතය මතකද මිහිරේ
දෑසට පෙනෙනා එකම රුවක් වෙයි
ඒ රුව මා නෙත් අංජනයයි
ජීවන ගීතේ තනුව වයන්නෙමි
ඈ එනතුරු මා තනිවීලා
<T.M.Jayarathna>
පිළිතුරු තැපෑලෙන්
1 year ago
මේ සිංදුව අපි අහල තියෙනව නේ..රෝදය නැවත හොයාගෙන වගේ හහ් හහ් හා....
රෝදය කවුරුවත් හොයගත්තේ නෑ.. ඒක හැමදාම තිබුනා කාටවත් පෙනුනෙ නැති උනාට...
නෑදෑයෝ චිත්රපටයට කේමදාස හදපු ගීය මේකත් සදාකාලික ගියක්.
ඔව් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්...