එපා යලි හමුවන්න
ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ
වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක
පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද
අරන් ඈතට යන්න


සන්සාර ගමන් මග 
සෙනෙහස සොයා දිනක 
ආ ගමන නිමා කල 
ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන 
කදුලු බිදුවක පහස
ගලායයි අතීතේ 
මියඇදුනු සොහොන ලග

ඔබ මවෙත තිළිණ කල 
ඔබේ බැතිබර සුවද
මගේ මතකය වසා 
සදාකල් රැදෙනු ඇත
සන්සාරයේ යලිදු 
නවාතැන් සොයායන
මගේ මලගම දාට 
ඇවිත් යන්නට එන්න

<Sunil Edirisinghe>


8 Responses so far.

  1. Unknown says:

    කවිය ලස්සනයි. තව ලියන්න. සුබපැතුම්.

  2. See Jay says:

    අපොයි අපොයි මේක මම ලියපු එකක් නෙවෙයි.., සුනිල් එදිරිසිංහගෙ සින්දුවක්..අද හදිසියේ පෝස්ට් එක දැම්මේ විස්තර ටික දාන්න බැරි උනා...:)

  3. Sindu says:

    මේ තරම් ලස්සන සින්දුවක් අහල නැති වුනේ කොහොමද මම?

  4. See Jay says:

    හා හා.... එහෙනම් ඔන්න අදත් මම සිඳුට ලස්සන සින්දුවක් හොයල දුන්නා හරිද...:D

  5. මේ ගීය ඇතුළත් සීඩී එක කරලා තිබුනේ කැනඩාවෙදි. ඒ නිසා මේ ගිත රචකයා ඩිෂාන් නානායක්කාර, සංගිතය: කරුණාරත්න විජේවර්ධන . මේ සීඩි එක කැනඩාවෙ ඉඳන් මට එවා තිබුණා. ඒනිසා මම ඒගැන පෝස්ට් එකක්ම ලිව්වා අස්වැන්නෙදි. මේ අවුරුද්දේ මුල් කාලෙ.

    ඩිෂාන්ගෙ පදමාලාවට සුනිල්ගේ ගිතය ලස්සනයි.

  6. See Jay says:

    ඒ CD එකේ නම කියන්න හැකිනම් ලොකු දෙයක්..

  7. මේ සීඩී එකේ නම් "මට මවක් ලෙසින්" ලස්සන සිංදු 16 ක් විරහ ගීත, හැබැයි ලංකාවෙ විකුණන්න නැහැ.

  8. See Jay says:

    මම හිතන්නේ මම දන්නෙ නැතිවම ඒ ඇල්බම් එකේ සින්දු ගොඩක් අහල තියෙනව වගේ...

    http://www.youtube.com/watch?v=3K2DnqdD3Do

Leave a Reply