ඔබෙ දෙතොල් පෙති ලිහී
පිපුනු හසරැල් විලේ
හද දියඹ ගලායයි
රැලි ළමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිදි
තුන් සිතම සලිතවේ

සසර සැරි සරන තෙක්
ඔබ මගේ...

හිරු නිවී මුහුදු තෙර
රාත්‍රිය එළබිලා
තරු කඩා වැටෙන විට
අහස් ගඟ කළබලා
මට බලා ඉන්න බෑ
ඔබෙ නුවන් පෙනෙනවා

සසර සැරි සරන තෙක්
ඔබ මගේ...

නා ගසක් දළුදමා
වසන්තය එලබිලා
මද පවන් රැල් වැදී
සැලෙන විට කැළබිලා
මට බලා ඉන්න බෑ
දෙතොල් ඔබෙ පෙනෙනවා

සසර සැරි සරන තෙක්
ඔබ මගේ...

යුග ගනන් පැමිනි මග
පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය
ලකුනු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ
පෙර ඇසුර හැ‍ඟෙනවා

සසර සැරි සරන තෙක්
ඔබ මගේ...

අහස්තල පොලෝතල
ඔබට මට පොදුවෙලා
හදවතින් එක්වුනත්
ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ
සියොළගම තැවේනවා

සසර සැරි සරන තෙක්
ඔබ මගේ... ඔබ මගේ...

<Victor Rathnayaka>


Leave a Reply