කඳුළු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසල වන්න
හිත උපන්න ආලවන්ත
ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න
ලිහිණියනේ පියාඹන්න
ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඇය එවන්න මා බලන්න...
<Sunil Edirisinghe>
බක්කෝ නැති - තොරණ් නැති - වෙසක් බලන්න එන්න...
5 hours ago





මේක කලක් මගේ හිතට ගොඩාක්ම සමීප වුනු සින්දුවක්. ඒකට තවමත් ආසයි.
මේ බ්ලොග් එකේ තියෙන ගොඩක් සින්දු මගේ වර්තමාන ජීවිතයත් එක්ක සමපාත වෙනව, මගේ හිතට ගොඩක් වදින සින්දු තමා මම ගොඩක් වෙලාවට ටයිප් කරන්නේ...
ඒක ඉබේම වෙන දෙයක්නෙ. මටත් එහෙම කාලයක් තිබුනු නිසා මට ඒක තේරුම් ගන්න පුළුවන්. මට අනුව සියල්ලටම හොඳම පිළිතුර කාලයම පමණයි. ඒත් හිතේ කොණක කොනිති ගහ ගහා මැරෙනකම්ම තියෙන්න බින්දුවක් හරි ඉතුරුත් වෙනවා.