පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා
නුහුරු නුපුරුදු හීන අරං
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා...
<Athma Liyanage>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



මචං එල සිංදුව, උබෙන් උස්සලා ෆේස්බුක් දැම්මා, අව්ලක් නෑනේ?
කිසිම අවුලක් නෑ මචන්.. මම ආසවට අහල ආසවට ටයිප් කරනව විතරයි... මගේ කිසිම අයිතියක් නෑ මේවට...
පට්ට සිරා මචන් ..... තැන්කු වේවා .....
සින්දුවයි පද ටිකයි සේරම එකතැනක තියෙන එක මාරම වටිනවා
එල එල...
මරු වැඩක් ඈ .. :D