
සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්
අද ඔබ නැති බිම තනිවී
සිත දවනා අඳුරු හැඟුම්
ඉවසන්නම් කවදා හෝ
ඔබ හිමි වේනම්
අද තනි යහනක වැතිරි
රැය නොනිදා නැගෙන සුසුම්
විඳ ගන්නම් කවදා හෝ
ඔබ ළං වේනම්..
<T.M.Jayarathna>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago


