කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කලෙමි හදේ තිබුනු ආදරයයි කරුණාවයි
කාටවත් නොදී
විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් නින්දා
ආදරයත් කරුණාවත්
හදේ දරා සිටි හන්දා..
කුරුළු ගීත මට ඇසුනා
ගහේ කොළේ මල් පිපුනා
ළඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් ලැබුණා...
<Victor Rathnayaka>
පිළිතුරු තැපෑලෙන්
1 year ago
බොරු ටයිප් කරනවානම් අම්මපා මගේ අතට හෙණ ගහන්න ඕනේ.මේ සින්දුව කාලෙකට පස්සේ හදිස්සියේ අද දවල් මතක් උනා යාලුවෙකුට වෙච්ච සිද්ධියක් නිසා.ගොඩක් ස්තූතියි ලින්ක් වලට.ලස්සන තේරුමක් තියෙන සින්දුවක්
මටත් අද office එකේ ඉන්නකොට එක පාරටම ඇහිල මතක් උනේ..ගොඩ දවසකින් ඇහුවෙ... :D