
ඔබට වරම් නැති
මටද වරම් නැති
සෙනෙහසක කොතැනද
සැඟව ගියේ
ඉවත ගලා ගිය
කඳුලක දිය වී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ
ඔහුට පුදන්නට
පූජාසනයේ
නොකිලිටි මල් පිපුනිද
ළඳුනේ
පෙති ගිලිහි ගී
පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද
රැඳුනේ
ආ මඟ වැරදී
ඔහුද ඔබද මා
දෛවයේ තුන් මංසල හමුවේ
බලා හිඳිනු මිස
හඬා වැටෙන්නට
කඳුලක් නැහැ දෙනුවණ
පිපුනේ...
<Karunarathna Diwulgane>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?
10 months ago


