අඳුර වැටුනු වීදියේ
වැහි කඳුළු ඉහිරිලා
පහන් කණුව නුඹ කොහේදැයි
සොයමි තනිවෙලා
එදා සඳක් සේ බැබළි
මාවත පෙන්වූ
අඳුර කපාගෙන යන්නට
එළි වැල් දැල්වූ
අනෝරාවෙ මහ වැස්සේ
තනිමග තනිවූ
ඔබටත් මා නොපෙනේ අද
තනියම තනිවූ...
එළිය දි දී
කවුරුත් නැති වීදිය පාලු
එළිය නිවුන දා
ඔබටත් ඔබ නොපෙනේලූ
වළාකුලට එක්වුනු දිය
බිම වැටුනාලූ
එක්වී වෙන්වී ගියවුන්
නොවෙතිද යාලු...
<Milton Mallawarachchi>
මේ සින්දුව ලියල තියෙන්න ප්‍රේමකීර්ති ද අල්විස්, කියන්නෙ මිල්ටන් මල්ලවාරච්චි, අද වෙනකොට අපේ රේඩියෝ වලින් මේ සින්දු ඇහෙන්නෙම නැහැ. හැබයි පුදුම තරම් ලස්සන තේරුමක් තියෙන සින්දු. තනියම ඉන්න වෙලාවට හොඳ mood සින්දු ටිකක් අහන්න හිතුනාම මම අනිවාර්යෙන් අහන සින්දුවක්...
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?
10 months ago


