චන්ද්‍ර මණ්ඩලේ සැතපුන
පුංචි සාවියේ
මන්ද කියාපන්
නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාලුයි
ලැයින් කාමරේ
කොහෙද නුඹ ගියේ කියපන්
පුංචි සාවියේ

ලාබ රත්තරන්
දිලිසෙන පාලු වීදියේ
ගෑනු ළමයි පියාඹලා
ඉස්සරත් ගියේ..
උන්ට සෙයිලමෙ
මගතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක
රත්තරන් දුවේ..

මාල බැඳන් සුදු යකඩින්
රොස මල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ
සින්දු කිවු වෙලේ
හීනෙනුත් හිතුනෙ නැහැ මට
මොකද කාරනේ
පාර මතකනම් තාමත්
ගේ ළඟයි දුවේ...

<Sunil Edirisinghe>


Leave a Reply