ආරාධනා....
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන
යලි වඩින්න
ආරාධනා.... ආරාධනා....
නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ
කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථවු දා
සෙනේහයේ සත් පියුමන්
යළිඳු පිපේවා
ආරාධනා.... ආරාධනා....
එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උනුසුමේ
යළිඳු උපන්නෙම්
බිඳුනු එවන් රජදහනෙන් සමුගෙන යන දා
ඔබේ නුවන් පහනින්
යලි එළිය ලැබේවා..
ආරාධනා.... ආරාධනා....
<Amaradewa>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



සිංදුව ලස්සනම ලස්සනයි ගැඹුරු කටහඩකින් කොහෙම ලස්සනක් දීලද කියල හිතාගනන්වත් බෑ. මේක ලස්සනයි කියන්නැති මනුස්සයෙක් නෑ,
http://www.youtube.com/watch?v=itqwmgCWNp8
මේ තියෙන්නේ original film song එක මම බොහොම අමාරවෙන් කපල කොටල හදල upload කලේ. :D