හිත මනමාලකම් කරයි
සිතිවිලි සීතලෙන් ගැහෙයි
අඳුරේ නුහුර සැරි සරයි
ගී කිරිල්ලියේ...
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි
ලේ කැටි සීතලෙන් මිදෙයි
තනිකම් දොසින් ආතුරයි
රෑ යම රෝෂයෙන් පිරෙයි
ගී කිරිල්ලියේ...
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි
වැළපෙන මුහුද හරි සැරයි
සුළඟට හාදු අමතකයි
නිදි නැති හීන ඇස හරියි
ගී කිරිල්ලියේ...
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි
<Samantha Perera>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago


