දඬුවැටට කොට ඇද්ද
අලි ඇත්තු නසනා
පෙරහැරට දළ දිගට
ඇති ඇත්තු සොයනා
සිල් රෙද්දෙ ලේ ගෑවුනෙ
කොහොම සොයනා
අවි ගත්තු පින්වත්තු
දාගැබට විදලා...
උතුරින්ද දකුණින්ද
නුඹ ආවෙ කියනා
කොයිබින්ද නෙක පැහැති
ලේ දැක්කෙ නුඹලා
කෝවිලට ගිනි බින්ද
වෙඩි උන්ඩ නසලා
නිල් අහස පරවින්ට
ඉඩ හරිමු සොයලා
දහදියම දෑවැද්ද
කොට ගත්ත නුඹලා
බැත කන්ද දිය වෙද්දි
මියැදෙන්න හැරලා
නිදිවැද්ද රජ ඔටුනු
වැජබෙන්න හරිනා
දෙවියන්ට පින් දෙන්න
පුලුවන්ද වැඳලා...
<Iraj>
ඉරාජ්ගේ පළවෙනි Album එකේ තියෙන සින්දුවක් මේක, කියන්නෙ කවුද කියලනම් හරියටම දන්නේ නැහැ, ලියල තියෙන්නෙනම් වසන්ත දුක්ගන්නාරාළ.
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
11 months ago


