කවුළු පියන්පත් වහන්න
සඳළුතලාවේ..
ඔබ දුරයි නෙතට
මා සිටිනා
ලවැලිතලාවේ...

විලක දුරක මල් පිපුනේ
අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත්
බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ
ඹබරුන් කෝමැයි
සඳළුතලාවට පැල්පත
දුරනම් බෝමැයි..

කිරිසිනා සලන සඳවත
අහසෙම ‍රැඳුනාවේ
ඉඟිමරන තරු කැළුම්
අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ
සඳළුතලාවේ..
කවුළුපියන් වසනු මැනවි
නෙතුකැන් හමුවේ....

<Kasun Kalhara>


අපේ පරම්පාරාවෙ හැමොම වගෙ කැමති උනාට මේ සින්දුවට මේකෙ ගායකයනම් එච්චරම කැමති නැහැ කියල තමා TV එකෙ ගිය වැඩසටහනකදි කිවුවෙ.. :)




One Response so far.

  1. ඕක ගිටාර් එකෙන් play කරන්න හරිම ලේසි සින්දුවක්. කැමති කෙනෙක් ඉන්නවනම් උත්සහ කරලා බලන්න. chords තුනයි. G, D, C

Leave a Reply