මේ සඳ වුනත්..
පායා ඇවිත්
ඉස්සර වගෙ එලිය දුන්නා වුනත්...
මේ හුලඟ මත්
ආයෙත් ඇවිත්
නුබ ඉද්දි දුන් සිසිල දුන්නා වුනත්...

පෙර හැමදේම නුබ නැතුව ලැබුනා වුනත්....
මේ හෙට රෑට නුබ නැතුව තැවෙනා දෙනෙත්...
හෙට එන රෑට
නුබ නැතුව කෙලෙසක මම පවසම් දෝ.....
මේ ගෙවෙන්නෙ අවසන් රෑයම වේ......
ආයේ නම් රෑය අවසන් වේ......


ආයේ හිරු නෑ
හෙට හුළඟත් නෑ
නුඹ ආවත් මේ රැය නෑ..

ආයේ නුඹ නෑ..
දුක් කඳුලුත් නෑ..
රැය ආවත් මම නෑ..

මේ ගෙවෙන්නේ...
අවසන් රැයම වේ...
ආයේ නම් රැය
අවසන් වේ...


One Response so far.

  1. මේ එක රෑට නුබ නැතුව තැවෙනා දෙනෙත්...
    හෙට එන රෑට

    එහෙම නේද පුතේ හරි ?

    චුටි චුටි අඩුපාඩු වෙනවා තමයි. ඒ වුනත් මේක හොද වැඩක් දරුවෝ. දිගටම කරන්න
    ජය !!

Leave a Reply