උන්මාද සිතුවම්
මැවේ බිඳේ
මීදුම් වලා මැද
අතීතයේ...
බිඳුනු පෙමින්
ගිනිගත් හදවත්
තනි වේවි
එක්ටැම් ගේ...
අනන්ත සයුරේ
බියකරු දිවි දියඹේ
පාලු හුදකලා
සුලඟ පමනි උරුමේ
හඬා වැටෙන සිත
සදා සරණ මත
තනි වේවි එක්ටැම් ගේ...
දහසක් මල් මැද
එකම මලයි පැතුවේ
ඒමල කිමද
සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට
මලේ සුවඳ පොද
තනි වේවි
එක්ටැම් ගේ...

4 Responses so far.

  1. Judy says:

    මේකත් බොක්කටම වැදිච්චි සින්දුවක්. මං හිතන්නෙ චිත්‍රපටියෙ කතාවත් එක්කද කොහෙද එහෙම උනේ. ඒකට තවත් හේතුවක් තමයි මේකෙ මියුසික් එක.

    වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවද පුළුවන් නම්.සින්දුව කියවල විතරක් මදිනෙ. අහන්නත් එපායැ. :D

  2. See Jay says:

    මේකටනම් vedio, audio මුකුත් දාන්න බෑ..මේ තමා මගෙ ජීවිතේ ආසම වචන ටික... මේ වචන වල තියෙන වටිනාකම නැති වෙයි කියල හිතෙනව vedio එකක් දැම්මොත්...:(

  3. Judy says:

    ඔබේ කැමැත්තක්.

Leave a Reply