සඳුද අවදියෙන්
තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ලඟ නැති තව
දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ...
සීතල ඇතිරුනි
මිහිලිය ලය මත
කොඳ කෙමි පිපුරුනි
මධු පුරවා
උණුසුම දිසුනේ
නෑ නෙත මානෙක
ඔබ ලඟ නැතිවම
අද මා තනිවම..
පහන් නොදැල්වෙන
ඔබෙ පැල්පත තුල
නිදිමත
අඩ නෙතුපිය සනහා
මගේම කඳුලක් වී
පිණිබිඳු ලෙස
ඔබෙ කවුළුව ලඟ
පිපි මල් පෙති මත..
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago


