රාත්‍රිය සිර ගෙයක්
අන්ධකාරය රුදුරු දඬුවමක්
ප්‍රේමයේ වරද කල
පරාජිත පෙම්වතුනි
නුඹලාට රාත්‍රිය සිරගෙයක්
අන්ධකාරය රුදුරු දඬුවමක්...

නින්ද විඳි කෙනෙක්නම් නුඹ
දැකිය යුතුම වේ සිහිනයක්.....
ආදරය කලානම්
පහන් කල යුතුය....
නිදි නැති රැයක්

හදවතක් තිබුනිනම්
තිබිය යුතු වේ
ඔබට ප්‍රේමයක්
ප්‍රේමයක් තිබුනු තැන
සැඟව ඇතී
සදාතන ශෝකයක්...
රාත්‍රිය සිර ගෙයක්
අන්ධකාරය රුදුරු දඬුවමක්...


<Amarasiri Peiris>

 

2 Responses so far.

  1. පුලුවන්නම් මට මේ සින්දුවේ MP 3 එක හොයල දෙන්න... ලොකු උදව්වක් ...

  2. See Jay says:

    මමත් හොයනව..හම්බ උන ගමන් upload කරන්නම්..

Leave a Reply