වහින්නට හැකිනම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්...
රැඳෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොලඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුඩින් තුඩ
නෙලාගත හැකි වන මලක් වී...
නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබැ වන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී...
<Nanda Malini>
පිළිතුරු තැපෑලෙන්
1 year ago
itha hagu barai...
අපේ තියෙන radio වලට මිස් වෙච්ච මේ වගේ සින්දු දහස් ගානක් තියෙනව.., අලුත් සින්දු ලස්සනයි,අපිත් හැමදාම අහනව,හැබයි ටික දවසක් යනකොට එපා වෙනව.., මේ වගෙ සින්දු කවදාවත් එහෙම වෙන්නෙ නැහැ..